“ළග ළගම මහ වැහි එනව. ගේ ඇතුළටත් වතුර ගහයි”
මින් මසකට පෙර දවසක හිටිහැටියේම පොල් අතු වහලයේ කොටසක් ගලවා දමද්දී වැහි නැතිව වගා පාලුවූ හිත් අමාරුවට ඔහුට පිස්සු හැදී ඇතැයි බිරිඳ සිතුවාය.
වහළ හා බිත්ති අලුත්වැඩියාව මසක් පුරා ඇදෙද්දී ඇගේ ඒ සිතුමම ගම්මුද අදහන්නට වූහ.
“කලට නා වැහි බිඳක් ගෙට එන්න දෙන්න නරකයි”
එක හුස්මට කරගෙන ගිය පිළිසකර වැඩ කටයුතු නිමවූයේ ඊයේ හැන්දෑවේය....
ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com/)
වෙලාවට වැඩ ඉවර වෙලා තියෙන්නේ.....
ReplyDeleteමොනවා උනත් සහෝ....මට නම් දැන් මේ වැස්ස එපා වෙලා තියෙන්නේ....
වහිනවා වහිනවා ඉවරයක් නෑ....
ඉස්සර රජවරු වැව් හදලා තිබුනාලු... තාම දුවන්නේ ඒවාගෙන්.. තවත් කීදෙනෙක් අහස් දියෙන් ගොඩ යනවාද? ලංකාව තමා..
ReplyDelete