එයා අම්මගෙ හොඳ සාරියක් කැපුවා.."
"අයියගේ බොරු... මම චූටි කොටුවක්නෙ කපා ගත්තේ.."
"මොනවා.. මම ඊයෙ ඉස්කොලෙ ඇඳපු සාරියනේ.. මැදින්ම කපලනේ.. මොකද්ද මේ චූටි රෙදි කෑල්ලෙන් කලේ??"
"මගේ චුටි බෝනික්කට සාරියක් අන්දන්න ගත්තේ.."
"ඉතින් ඇයි පුතේ සාරිය කැපුවේ.. ගෙදර අච්චර අහකදාන චීත්ත රෙදි තියෙද්දි??"
"බෝනික්කට සාරියකටනේ... ඉතින් එහෙනන් අම්මටත් පුලුවන්නෙ ආච්චිගෙ චීත්ත වලින් සාරි අදින්න.."
"ඉතින් ඇයි පුතා කොනකින් නැතුව මේකෙ මැදින්ම කැපුවෙ??"
"කොනකින් තමයි කැපුවේ... දිග ඇරියොත් නවාගන්නත් බැනෙ.. නවල තියෙද්දිම කොනකින් කැපුවා අම්මේ.."
"හ්ම්... කෝ බෝනික්කට ඇන්දුවද සාරිය..?"
"නෑනෙ අම්මේ.. එයාට සාරි හැට්ටයක් නෑ නෙ.. ඉස්සෙල්ලා ඒක මහල දෙන්න ඕන නේ... "
ලියා එව්වේ - දීපිකා කුමාරි
පොඩි එවුන් උන්ගේ දේවල් වලින් ලොකු ලෝකයක් ගොඩනගාගන්නවා.. වැදගත් කම තියෙන්නේ ඒක නොඉඳුල් අව්‍යාජ ලෝකයක්.... වෙනම පැත්තක්.. නියමයි දීපිකා..
ReplyDeleteපොඩි උන්ගේ ලෝකය කොයිතරම් සරලද, අපි මේ සන්කීර්ණ ජීවිත ඇතුලෙ හිරවෙලා මොනවද මේ කරන්නෙ කියල හිතෙනව මේක කියෙව්වම...නියම සටහනක්...
ReplyDeleteලස්සනයි
ReplyDeleteදෙයියනේ මෙච්චර සරල කතාවක් මම කියෙව්වමයි. තව දිගටම ලියන්න.
ReplyDeleteලස්සනයි !! පොඩි උන්ගේ ලෝකය සුන්දරයි!!! අව්‍යාජයි මොනවා උනත් දීපිකා ලස්සනට ලියලා එවලා තියෙනවා
ReplyDeleteනියමයි! සුන්දරයි! මේ දෙබස මැවිලා පේන තරම් සුන්දරයි!
ReplyDeleteමටත් සිරා හරි පට්ට වගේ එකක් හැර වෙන එකක් එන්නෙ නෑ... මේ පොඩි එකී අමුවෙන්ම දෙන උත්තර ටික සරලවම ඇත්තටම පොඩිවුන් හිතන විධියටමයි ලියල තියෙන්නේ... දීපිකාගෙ අත්දැකීමක්ද කියලත් හිතෙනවා...
ReplyDeleteමට මතකයි මට මතකයි මම පොඩ්කාලේ..
ReplyDelete@ආගන්තුකයා ඇතුලු සැමට :
ReplyDeleteමට හිතා ගන්න බෑ .. ගොඩාක් ස්තූතියි... ගොඩාක් සතුටුයි..
@h:කතාවෙ පොඩි ඇත්තකුත් නැතුවම නොවේ ..හී හී..
පොඩි අයගෙ හිත පිරිසිදුයි .. ඒ පිරිසිදු කම ලොකු වෙත්දිත් තියනවනම් කොච්චර හොදද
ReplyDelete