Monday, December 6, 2010

පූජ්‍ය පක්ෂයට පමණයි

138ක්, සාමාන්‍ය සෙනඟක් බස්එකේ,
විදේශීය හාමුදුරුනමක් බස්එකට වැඩිය.

"පූජ්‍ය පක්ෂයට පමණයි" සීට්එකේ අම්ම කෙනෙක් දරුවෙක්ව නිදිකරගෙන,
අම්ම නැගිටින්න හදද්දි, හාමුදුරුවො වෙනින් අසුනකට වැඩිය.

මහත්තයෙක්ට වැඩේට අප්සෙට්,

"ඔයා නැගිටල, සීට් මාරු කරන්න"

"අනේ, මම දෙන්න හැදුව"

"එන්න හාමුදුරුවනේ... මෙතනට"

"කෝ නැගිටින්න ඔතනින්"

මහත්තයට නිවනක් නෑ,
බලෙන්ම ආසන මාරු කලා...

මහත්තයගෙන් ගාම්භීර බැල්මට් එකක් බස්එකටම...

“කරගත් කුසල කර්මයේ මහිමය”

බෙල්ලන්විල හරියෙදි භාගෙට නැගිටල, "මේං නැගිට්ට"

කථින චීවරේ වඩම්මන් "බෑ බෑ මට තව ටිකක් දුර අරන් යන්න ඕනි වගේ"

දරුවත් අම්මවත් නැගිට්ටවපු "නිවැරදි වචනය යොදා හිස්තැන පුරවන්න" දන්න මිනිස්සු,
මම බැස්ස, 154 ගන්න.

ඒත් මුලින් විදිය, වටිනාකම,
හේදිලා, අදාල හිස් තැන පිරවුනා.
අපරාදේ!

ලියා එව්වේ - සමීර දිසානායක

8 comments:

  1. "දකින විට පන්සලක්" ගීතය මතක් වුනා

    ReplyDelete
  2. මම මේ සටහන තරම් මේ බ්ලොග් එකේ කිසිම සටහනක් කියවලා නෑ. ඒත් තාමත් මට හරියටම මේක වැටහුනේ නෑ නේ...

    පින් කරනවා කියලා මිනිස්සු හිතාන පවු කරනවා වගේ කතාවක්ද මේක?

    ReplyDelete
  3. දෙතුන් පාරක්ම කියෙව්වා. මට අහන්න තියෙන්නේත් Il mondo di una povera pazza අහපු දේම තමයි. :-)

    ReplyDelete
  4. මේකට මොනවා කියලා කියන්නද කියලා කියන්න තේරෙන්නේ නැහැ.. අපේ දුප්පත් ගොහො‍රු මානසිකත්වයෙන් පිරිච්ච සමාජය ගැන අපූරු කියවීමක් යාළුවා..!

    ReplyDelete
  5. සමීර දිසානායකDecember 13, 2010 at 5:57 PM

    මේක මම බස් එකේ යද්දි අහම්බෙන් දැක්ක සිද්දියක්...
    අපේ සමහර මිනිස්සු, දහම ගැන හිතන් ඉන්නෙ/වටහාගෙන ඉන්නෙ කොයිතරම් වෙනස් විදියට කියලයි මට කියන්න ඕනි උනේ...
    ස්වාමීන් වහන්සේ නමක් බස් එකේ වඩිද්දි අදාල ආසනේ වැඩ සිටියෙ නැති නම්,හිටියෙ වෙන අසුනක නම්...බලෙන්ම පූජ්ය පක්ෂයට පමනයි අසුනෙ ඉන්දවන්න ඕනිද? ඒකයි මම කිව්වෙ හිස්තැන පුරවන්න විතරක් ඉගෙන ගෙන තියෙන මිනිස්සු කියල....ඒ අවස්තාව,වඩාත් උචිත දෙය...???ඒ අවස්තාවට,වඩාත් උචිත දෙය ගැන හිතන්නෙ නෑ/හිතන්න දන්නෙ නෑ/හිතන්න පුරුදුවෙලා නෑ.....???

    ReplyDelete
  6. මොකක් නිසාද මන්ද ම‍ට හාමුදුරුවො පෙන්නන්න බෑ.. මම පිස්සෙක් නිසා වෙන්න ඇති

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...