"මම ඔයාට ගොඩාරියක් ආදරෙයි ළමයෝ......!"
"සිරි, මම බැරිවෙලා හරි මැරුනොත් ඔයා ආපහු කසාද බඳිනවද...?"
"පිස්සුද....?, ඔයාට ඇරෙන්න මට වෙන කෙනෙකුට ආදරේ කරන්න බැහැ.....!"
"එහෙම උනොත් ඔයා පව් සිරී, මම මැරුනොත් ඔයා ආපහු බඳින්න....."
"ම්ම්ම්, ඔයා ඔච්චර කියනවනං මම බඳින්නං...."
"ඔයා බඳිනවා...?"
"ඔයා කියන හින්දා...."
"එතකොට ඔයගොල්ලෝ බැඳල ඉන්නෙ කොහෙද....?"
"මට ඉතින් වෙන තැනක් නෑනෙ, මේ ගෙදර ඇරෙන්න...."
"එතකොට ඔයගොල්ලො නිදාගන්නෙත් මේ ඇඳේමද...?"
"ම්ම්ම්... වෙන ඇඳක් නෑනේ....."
"එතකොට ඔයා එයාට මගේ රත්තරන් බඩුත් දෙනවද...?"
"ඉතින් ඒවා නිකන් අල්මාරියේ තියාගෙන ඉඳල වැඩක් නෑනෙ..."
"එතකොට ඔයා මගේ සාරි ටිකත් එයාට දෙනවද...?"
"නෑ..... එයා සාරි අඳින්නෙ නෑ....!"
"ඈහ්....?"
"ඌප්ස්...!"
ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)
ROFL.... :D :D
ReplyDeleteමොනව වුනත් කට පරිස්සං කර ගන්න එපැයැ... හික් හික්..
ReplyDeleteකලින් අහල තියනව මතකයි. ඒත් ආයේ පාරක් හිනා ගියා.
අහුවුනා නේද....
ReplyDelete:D
ReplyDeleteහුටා............... :D
ReplyDelete:D
ReplyDeleteමේක මගේම නිර්මාණයක් නෙමෙයි. මෙහෙ තියෙන රේඩියෝ චැනල් එකක ගිය කතාවක්. පොඩ්ඩක් අපිට ගැලපෙන විදිහට වෙනස් කරලා තමයි දැම්මෙ...
ReplyDeleteHi hi.. Kata boru kiwwath diwa boru kiyanne ne ne..
ReplyDeleteගෑණුන්ටත් ඕන්නැති දෙයක් නෑ අප්පා..! :D :D
ReplyDeleteඌප්ස්! :D
ReplyDeleteපව් සීන් එක කියලා හිතෙනවා.. ඒත් ඉතින් කතාවක් විතරයිනේ..
ReplyDeleteමාත් තැන් දෙක තුනකින්ම මේක කියවලා තියෙනවා... ඒ හැම වෙලාවෙම ආයෙත් අළුතින් හිනාවෙන්න පුළුවන්කම ලැබුණා... අම්මෝ මේ කාන්තාවෝ.... බය හිතෙනවෝ...
ReplyDeleteකට කහනවට වඩා දෙයක් නේද? වචන සීයට ගොනු කරපු හැටි තමයි පුදුමේ.. එල
ReplyDeleteහෙහෙ.. මරු කතාව....
ReplyDeleteදුමී said...
ReplyDeleteඅපේ ගම හාමිනේගේ නම් විනෝදාංශය තමයි සාරි එකතු කිරීම. සාරි අඳින්නෙ නම් හරිම කලාතුරකින්. එහෙම අඳින්න ඕනෙ උනහම ගිහිල්ල අලුතෙන් සාරියක් අරෙගෙන අඳිනවා මිසක් අර කලින් ගත්තු සාරි දිහා ඇහැක් අරලවත් බලන්නෙ නැහැ...!
http://kathandara.blogspot.com/2010/12/blog-post_29.html?showComment=1293612166422#c5416571087633765194
ReplyDeleteස්පැම් කරන්න එපා යකෝ...
ReplyDelete@කතන්දර,
ReplyDeleteහප්පා, මටත් ඒක දැන්නේ ක්ලික් උනේ.... :)
කතන්දර බලන්නෙ ඉතින් කතන්දරයක් හදන්නම තමා....:)
මචෝ කව්ද බන් ඒ සාරි නො අඳින කෙනා . .
ReplyDeleteහරි හරි ගම හාමිනේට කියන්නේ නෑ . .
හොරෙන් කියපන් බන් . . .හික්ස්
පිස්සු කොර.. මාරයි දුමී අයියා
ReplyDelete