ඒ අනෝරා වැස්සෙන් හේදීගිය බිත්තිවල කෙතරම් දැනුම් සම්බාරයක් කිඳාබැස ඇද්දැයි හිරිපොද වැස්සේම විද්‍යාපීඨ අතරින් බස්නැවතුම්පල කරා දුවන මට හිතුණා.
"..වෙසක් සැරසිල්ලකට ඔහොමත් ගහගන්නවද මං අහන්නෙ.."
"..ඔය ඉගෙනගෙන වැඩි හින්ද නොවැ.."
පාපුවරුවෙන් බැසීමට මොහොතකට පෙරාතුව කණ වැකුනු දෙබස මනසතුල දෝංකාර දෙන්නේ ඇයිදැයි සිතමින් අඩියට දෙකට ගේට්ටුව කරා පැමිණි මා පියවි ලොවට පිවිසියේ ඔහුගේ ආමන්ත්‍රනයෙන්.
"..campus එක ආයෙ අරින දවසක් කිව්වද මහත්තයො..."
"..තාම නෑ"
"බලන්නකො මහත්තයො, මේ සැරේවත් පුංචි එවුන් එක්ක හොඳට නත්තල් කන්න හිටියා, දැන් අපිට එදාවේලත් නෑ..."
විශ්වවිද්‍යාලය අසල බත්පැකට් විකිණූ ඒ සුන්දර මිනිසාගේ නෙතු වැසූ අඳෝනා වල අරුත් කියන්නට මාගේ තෙවැනි වසරේ දැනුම ප්‍රමාණවත් නැතැයි තෙතබරිතවූ සුළඟ කොඳුරා කිව්වා.
ලියා එව්වේ -
Dilan Dadevil (http://dilandadevil-poems.blogspot.com/)
නියම ගැලපීම. කොහොමත් එක පිරිසකගේ ක්‍රියාකාරකම් වලින් තව කට්ටියකට පාඩුයි. තව කට්ටියකට ලාබයි. ඒක කොයිකටත් එකයි!
ReplyDeleteමටත් ඔය හා සමාන අත්දැකීම් තියෙනවා. ඒත් අපි කවදාවත් කල්පනා කරලා නෑ කැම්පස් වැහුවාම එතන ඉන්න වෙළෙන්දෝ ජීවත් වෙන්නේ කොහොමද කියල.
ReplyDeleteමේක කතාවක් විතරක් වෙන්න ඇති. ඒත් අවුරුද්දටම ටිකක් විනෝදෙන් ඉන්න ලැබෙන අවස්ථාව සමරන්න හිටපු මනුස්සයෙක්ට ඒක අහිමි වීම ගැන සංවේදීව ලියල තියෙනවා....
ReplyDeleteනියමයි දිලාන්!
Everything's connected
ReplyDeleteඅපි නොහිතන කොච්චර දේවල්නම් තියනවද ලෝකේ....
ReplyDeleteමේ කතාව ඇතුලේ පොඩි දේශපාලනයක් තියෙනවා.ඇයි රූපවාහිනියේ පෙන්නනවා වගේ නත්තල සමහරක් අයට සුන්දර නැත්තේ.. නත්තල කියන්නේ මොකද්ද.. ? ඔන්න ඔය ප්‍රශ්න දෙක තමා ඔතන හොයන්නේ.. නියම සටහනක්..
ReplyDeleteවෙසක් සැරසිල්ලකට ගහගෙන තියෙන්නේ වහලා තියෙන්නේ නත්තලට?
ReplyDeleteඅම්මපා ඇනෝ සහෝදරයා උඹව නම් අදහන්න වටිනව.. උඹ තරම් සාවදානයෙන් මේක කියවල නෑ කවුරුවත්.. ඇත්තටම මේක වෙසක් සැරසිල්ලක් සම්බන්ධව දුර දිග ගිය කථාවක්... වචන සීයකින් ඔය ඔක්කොම කියන්න බැහැ නොවැ.. ඉතින් ඕක පෙලගැස්සුවෙ ඔන්න ඔය ආකාරයටයි.. අපි හිතන්නෙ නැති වුනාට අපි අපිම කරන කියන දේවල් හින්දා නිරපරාදෙ දුක් විඳින මිනිස්සු කීයක් නම් ඉන්නවදෝ කියලයි කියන්න ඕනෙ වුනේ.. . මේක කථාවක් කරල සාහිත්‍ය පැත්තට තල්ලු කලේ මං වුනාට මේ සිද්දිය සම්බන්ධව කරුනු කාරණා දැනගන්න සලස්සපු දිලීප රුවන්ග කරුණාරත්න සහෝදරයාටත් මෙහි ගෞවරවය පුද කරන්න කැමතියි. හැමදෙනාගෙම දයාබර වචන වලට ස්තූතියි.. එකෙක්ට මේ ලොකෙවත් අඩුම තරමේ රටවත් වෙනස් කරන්න අමාරුයි.. මේ තියෙන සාහිත්‍යතුලින්ම යම්කිසි අවබෝධයක් අවට සමාජය ගැන ලබාගෙන අපේ ජීවිත අපිම හදා ගත්තනම්.. මේ රටත් ලෝකෙත් හොඳ මගට වෙනස් කරන්න එච්චර අමාරුවෙන එකක් නෑ..
ReplyDeleteගොඩක් වෙලාවට මේ සමාජයේ ජීවිත එකම දම්වැලක පුරුක් විදිහට ඇමිණිලා තියෙන්නෙ. තැන් තැන් වලින් පුරුක් ගැලවුනෝතින් එහෙම කෑලි කෑලි කඩාගෙන වැටෙනවා..
ReplyDeleteගොඩක් හොඳ රචනයක්....!
එල එල
ReplyDeleteඇයි Archi කාරයොයි IT කාරයොයි බත් කන්නෙ නැද්ද?
ReplyDelete