Sunday, December 26, 2010

ඇයද ? මමද ?

"අම්මේ මම ---- අයියට මොකක්ද කියන්නෙ ?"

"ඔයාට කැමති එකක් කියන්න"

"මම ආදරෙයි"

ඇය මගේ උරහිසට බර දී සුරත අල්ලාගත්තාය ...

"ඔයා ---- අයියා එක්ක යනව එනවට තාත්ත කැමති නෑ. තාත්ත ඔයාව කාට දෙන්න බලගෙන ඉන්නවද දන්නෙ නෑ.. මම කොච්චර කැමති උනත් තාත්ත අකමැති උනොත් මට කරන්න දෙයක් නෑ.."

“අවුරුදු එකහමාරකට පස්සෙ ඇයි එයා අකමැති ?”

"ඒත් තාත්ත අකැමති උනොත් කරන්න දෙයක් නෑ අයියෙ.."

ඇය එසේ කිව්වෙ මගෙ සුරත අත හරිමිනි.

මොහොතක් නිරුත්තරව බොඳ වී යන රොටරි මාවත දෙස බලා සිටියෙමි..

"ඔයා අඬනවද?"

පපුව තුල කැකෑරී ආ දුම් උගුරක් කියාගෙන ගියේ "මොඩයො සිගරට් වලට උඹේ ඔය ප්‍රශ්න විසඳන්න පුලුවන්ද ?"


ලියා එව්වේ - සටපික්වලයා

7 comments:

  1. මෙතන අවස්ථා දෙකක් ගැන කියවෙනවා වගේ... ඒ අවස්ථා බෙදෙන තැන ගැන හරියට තේරුම්ගත්තෙ නැත්තං කතාව අවුල් වගේ... මොනව වුණත් අර අපි දන්න ප්‍රසිද්ධ පාතාල පුද්ගලයෙක් වගේ ස්ට්‍රෙස් රිමූවල් සඳහා මිස ප්‍රශ්ණ විසඳීමට නං ඔය දුම් අසමත්!

    ReplyDelete
  2. දුම සමත් බව අත්දැකීමෙන් දනිමි. ​
    අද උදේ ගෙදරට ආ අංකල් ගේ ​ගෑණිට තලණ බේබදු තරුණ පුතා පෙනහලු ආබාදයකින් මිය පරලොව ​ගිය බව කිව්වා.
    දැං ප්‍රශ්ණයක් නෑ.

    ReplyDelete
  3. මම හිතන්නේ අවස්ථා තුනක් තියෙනවා වෙන්න ඕනි..සීන් තුනකින් ගොඩනැගුනු දීර්ඝ කතාවක්.. මේක ඉතින් බහුතරයක් අත්විඳපු සත්‍යයක්.. රොටරි මාවතේ මතකයක් වලට මාව ආයි ගෙනගියා..

    ReplyDelete
  4. One | Zero | Zero ලේඛක පිරිස අද සටපික්වලයා සමග පනස්දෙනෙකු බවට පත්වෙනවා.. සුබ පැතුම් සියළු දෙනාටම..

    ReplyDelete
  5. අනේ මංදා

    ඔය විදියෙ, සමහර විට ඔයිට ඩිංගක් සංකීර්ණද මන්දා වෙලාවක 'දුම' උදව්වක් නොවුනා කියන්න අමාරුයි. ඒක ප්‍රශ්නෙ විසඳලා දුන්නා කියනව නෙමෙයි, ඒත් තව ප්‍රශ්න ඇති කරගන්න එකෙන් බේරගත්තා කියන්න පුළුවන්.

    දැන් ඉතින් මිස්ටර් ඇන්ඩ් මිසිස් සදාචාර ලා මට කඩං පනිනව නෙමෙයි වයසට අදාල නැති දේවල් කියනවා කියල.

    එතනත් කතාවක්....

    ReplyDelete
  6. මෙතන තියෙන්නෙ චක්‍රයක් කියලයි මට හිතෙන්නෙ
    තාත්ත මේ දේට අකමැති ඇත්තෙ, ඔය අන්තිමට ඒ අකමැති දුකට බොන සිගරට් එකම වෙන්න ඇති

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...