Thursday, December 2, 2010

නිල් මානෙල්..

දළදා මලිගාව ඉසව්වෙදිම හුගාක් සංසුන්……

වැව වටේම ඇවිද්ද…

"නිල් මානෙල් වලට මම ආසයි”

ඒ වචන අයෙමත් ඇහෙනවා වගේ.......

නුඹ මතක් කරලා මල් පුජා කළා

මල් ආසනේ මල් පිරිලා…....

සැනින් කොනක ඉදලාම මල් අස්කලා

මම පුජා කල මලත් කව්දෝ බින් එකට දැම්මා....

නැවුම් ආසනේ මගේ ලඟින්ම තවත් නිල් මානෙල් මල් ගොඩාක්

මම ඒකට අතගහල... පස්සට වෙනකොටයි දැක්කේ ඒ නුඹ විත්තිය.....

දෙවියනේ...!!!

බුදු හමුදුරුවෝ ඉදිරියේ දෙවියන්ට අඩගැහිල්ලත් හරියට මගේ මල විසිවෙලා ගිහින් නුඹේ මල පූජ උනා වගේ...

ඔහු විවාහය ගිවිස ගෙන මුලින්ම ඈ සමඟ මාළිගාවට ඇවිත්...

දැනගෙනම මාත් මෙතැනට ආවට හිතුවෙ නෑ මෙහෙම නුඹ පූජා කළ මලටම මටත් අත ගහන්න වෙයි කියලා....

ලියා එව්වේ - අහිංසකී (http://ahinsaki.blogspot.com/)

8 comments:

  1. නිල මානෙල් මල් එක්ක මොන තරම් නම් මතකයන් ඇත්ද ?
    මේක කියෙවුවහම ඇත්තටම මටත් ඕකම වෙයිද කියල බය හිතුනා...
    ලස්සනයි සහෝදරි..

    ReplyDelete
  2. "බුදු හමුදුරුවෝ ඉදිරියේ දෙවියන්ට අඩගැහිල්ලත් හරියට මගේ මල විසිවෙලා ගිහින් නුඹේ මල පූජ උනා වගේ..."

    මේ කෑල්ල තමයි මටනං නියම! ඒ කෑල්ල ඇතුලෙ චචන 100කට වඩා තියෙනව... නියමයි!

    ReplyDelete
  3. ඇත්තටම මේ නිර්මාණය නම් ලස්සනයි..! ‍ලොකු නවකතාවක කෙටිකරපු ‍සාරාංශ ගත කෙටිකතාවක්!

    මාත් කැමතියි "එච්" අයියා කැමති යෙදුමට..!

    ReplyDelete
  4. හිත පහන් වෙන කතාවක්...මට නම් හිතුනෙ එයා මොනවා කළත් ඔයාගෙ හිතේ කිළුටක් තිබිල නෑ... එකයි මල් වලට අත තියන්න දෛවය විසින්ම අහම්බයක් සලසල දුන්නෙ කියලා

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...