කෝ ලැහැත්තිද..?
අරෙහේ මනමාලි එනවලු.., අනේ මන්දා කෝ එන්න බලන්න අඩුපාඩු..,
චක්කේ.., මොකද්ද මේ ටයි ගැටේට කොරන් තියෙන්නේ..,
ඇයි මොකැයි අවුල...?
ඕක වැරදියි නෙව සුදු පුතේ..?
ඉන්න මං හදාගඤ්ඤංකෝ
මේ උඹේ ආලවට්ටං බලන්න වෙලාවක් නැහැ..,
මේ හාමිනේ එන්ට කියන්ට පියසේකර මහත්තයාට..,
මොකේ ඒ පාර සුමනේ..,
අනේ සේකර මහත්තෙයා තරහා නැතිව මේ කොල්ලගේ ටයිඑක හදන්ඩ..!
එන්න මේ ඇඳේ ඇලවෙන්ඩකෝ..!
ඈ..? ඒ මොකේ..,
ටයි එක දාන්ඩ වෙන මොකොටද..?
හා...,
හරි..! දැම් බලන්ඩකෝ කණ්නඩියෙන්..!
මේ මහත්තෙයාට බොහෝම පිං
මහත්තෙයා.. මේ.. පොඩි බඩ්ඩක්..?
ඔව්..., ඇයි..?
මාව ඇයි ඇඳේ ඇලකොරවලා ටයිඑක දැම්මේ...?
හා.., ඒ මගේ රස්සවනේ පුතා...!
මම කරන්නේ ජයරත්නේ මිනී වලට ඇඳුම් අන්දවන එක...!
ලියා එව්වේ - ලිෂාන් පුවක්ඕවිට (http://lishwish.blogspot.com)
ගතියට ලියල තියනවා. නියමයි!
ReplyDeleteමරු
ReplyDeleteපට්ට..!!
ReplyDeleteමාරයි අහ් ....
ReplyDeleteවරේ වාහ්..! නියමයි යාළුවා.. මේක වචන සීය ඇතුලේ හාස්‍යට යටින් තව යටිපෙල කීයක් දුවනවද? නියම නිර්මාණයක්!
ReplyDeleteඒක නම් සහතික ඇත්ත.. උඩින් දුවන හාස්‍යයට යටින් දුවන සිරා කතාවක් තියෙනවා.. වදන් සීයක හරඹය කියන්නේ මේකට තමා.. නියමයි ලිෂා..
ReplyDeleteවිවාහයත් අවසන් ගමනට සැරසීමක්ද??
ReplyDeleteලස්සනයි....යාලුවේ...