Tuesday, December 14, 2010

සොරි මදූ...!

ඊයේ රෑම තිබ්බේ පුදුම සීතලක්...

මෙහෙත් නුවරඑළිය වෙන්න යනවා වගෙයි..

ඒත් ඉතිං ඔළුවේ ඉඳන් පෙරවගෙන ෆෑන් එක දාගන්නවා මිසක් වෙන කරන්න දෙයක් නෑ මදුරු වසංගතෙන් ගැලවෙන්න..

කොයිල් පත්තු කරලා ඒවා හදපු උන්ගේ අම්මලව මතක් කරනවට වඩා හොඳයි වෙව්ල වෙව්ල හරි ෆෑන් එක දාගන්න එක..

අද උදේ ඇස් අරින කොටම ඇස් දෙක ඉස්සරහා බිත්තියේ මෙන්න ඉන්නවා මධුරි..!

......

අද දවල් මගේ කාමරේට ලොකූ මදුරුවෙක් ඇවිත්..

කූ කූ ගගා කණ අයිනේ කැරකෙනවා.. බඩගින්න‍කුත් නෑ වගේ...

හරිනේ.. ඌ ශාකභක්ෂක. කූ කූ නෙවෙයි මධුරි කෝ මධුරි කෝ අහන්නේ..

මං ඌට සොරි කියලා බිත්තියේ පැල්ලම පේන්නුවා..

ඌත් දං ගෙඩියට බෙල්ල තියන්නං ‍කියලා මගේ අතටම වැහුවා..

“චටාස්”

ලියා එව්වේ - මලී (http://abnormalminds.blogspot.com/)

6 comments:

  1. මදූ කිව්වේ මදුරුවාටද නැත්නම් මධුරිට ද

    ReplyDelete
  2. සිරා! මදුරු කතා මරු!

    ReplyDelete
  3. ෂිහ්! පොලිස්කාරයො එක්ක එකතු වෙලා පොළොඟුන්ව මැරුව මදිවට දැන් පවුල් පිට්න් මදුරු ඝාතනේ... මොනව වුණත් මේක මදුරු ප්‍රේම වෘත්තාන්තයක්!

    ReplyDelete
  4. මදුරුවට එහෙම කරපු එක හොඳයි එක අතකට. නැත්නං ශාක භක්ෂක ඌට දිවි නසාගන්න හෙනම ගේමක් දෙන්න වෙනව.

    ReplyDelete
  5. හැබැයි ඌ ආතල් එකේ සින්දුවක් කියාගෙන ඉන්නකොට ඝාතනය කලාද දන්නෙ නෑ...

    ReplyDelete
  6. මදුරු ප්‍රරේමය ... ඒකත් මරු ඈ

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...