සමන් බදාද වෙනකල් හිටියෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට යන්න. උදේම උවමනා ලියකියවිලි ටිකත් අරන් පිටත් වුණේ වැඩේ ඉක්මනට කරගන්න.
ඒත් කාර්යාල පරිශ්‍රයේ වැඩකරන අය කවුරුවත්ම නෑ. වැඩ කරගන්න ආපු මිනිස්සු දහ පහලොවක් තැන් තැන් වල.
කීප දෙනෙක් එක්ක සාකච්ඡාවක් දාගෙන හිටපු උගත් පෙනුමක් තිබුණ මහත්තයෙක් ගාවට කිට්ටු කරපු සමන් විස්තර ඇහුවා.
"අද මේ ඔපිස් එකේ අයට ධනාත්මක චින්තනේ ගැන දේශණයක්ලු මහත්තයෝ" මිනිහ කිව්ව.
හැබැයි ඒක විතරක් කියල නැවතුනේ නෑ.
"මම මේ වැඩේ කරගන්න ආපු තුන්වෙනි පාර. එක එක ප්‍රශ්ණ කියනවා... අනේ මුංගෙ ධනාත්මක චින්තනේ"
මිනිහ කෙල ගුලියක් බිමට ගැහුවා...
"මෙයාලගෙන් වැඩක් කරවගන්න එක ගලකින් පට්ටයක් ගන්නව වගේ..."
"මුන්ට තියෙන්නෙ ඝණාත්මක චින්තනයක්"
කතාකොරන්ඩ එපා ආණ්ඩුවෙ කන්තෝරු ගැන.
ReplyDeleteමේක ඇත්තම අත්දැකීමක්ද?
ReplyDeleteදැන් නං බොහොමයක් රාජ්‍ය ආයතනවල තත්වය හොඳයි. ඉස්සර වගේ නෙමෙයි. උදාහරණයක් හැටියට වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම ගන්ඩකෝ. දැන් ඉස්සර වගේ දවසක් රස්තියාදු වෙන්ඩ ඕනෙ නැහැනේ. වැඩිම උනොත් විනාඩි දහයයි.
නමුත් හන මිටි මානසිකත්වයෙන් වැඩකරන උදවියත් තාම ඉන්නවා.
දේසනේ කරන්න ආපු මනුස්සයාට තමන්ගෙ චින්තනේ හදාගෙන ඉන්න වෙයි මුලින්ම :D
ReplyDeleteice ice ice chinthane!!!!!!
ReplyDelete