Friday, December 10, 2010

මුළාවේ මෙවුල්දම්

හෝරාවක් අවසන හමාරවූ පෙම් හටනක නෂ්ටාවශේෂ අතරට බිම විසිරි ඇඳ ඇතිරිල්ලත්, අද්දරවූ මේස් යුගලත්, හැඩිවූ ඇඳත් වාගේම උන් දෙදෙනාත් අයිති විය. දහදියෙන් වැසී ගිය සිරුරේ සුන්දරත්වය තම අණසකට නතුව මෙපමණ වේලා රැඳුණේ කෙසේදැයි හිතාගත නොහී ඔහු ඇය දෙස බලා සුසුම් හෙළීය.

"...දන්නවද?..... මගේ බඩට දැන් මාස තුනයි" නිසල බව බිඳි ඈ එසේ කියද්දී පිළිතුරු බඳිනු වෙනුවට වහලේ උළු ගණන් කල හෙතෙම ලද විරාමයෙන්.. "පොඩි එකා මම වගේ වුණොත් තමයි වැඩේ" යැයි පවසද්දී එහිවූ ප්‍රශ්නාර්ථය වාතලයේ වැදී නින්නාද දුන්නේ කාමරයේ බිත්ති හතර තුළ නොව උන්ගේම හිත්වලය.

"නැහැ... එයා හීනෙකින්වත් හිතන්නෙ නෑ... එයාට මාව විශ්වාසයි........ සුමනෙ මට ආදරෙයි, සිරි" යැයි කවුදෝ පැවසුවේය.

ලියා එව්වේ - Dilan Dhananjaya (http://dilandadevil-poems.blogspot.com/ )

9 comments:

  1. සමාජය පුදුමාකාර විදිහට විෂමාචාරයි...! විශ්වාසයේ සෙවනැල්ලට මුවා වුනු අපරාධකාරියක්....!

    හොඳ පබැඳුමක්...!

    ReplyDelete
  2. ඉතිං කොහොමද විස්වාසයක් තියලා කසාදයක් බඳින්නේ
    පවු අහිංසකයා..!

    ප.ලි► මරු ලිවිල්ල..!

    ReplyDelete
  3. ලියවිල්ල නම් සුපිරි.. මේකෙ කාගෙද වැරැද්ද.. කරන්නේ වංචාවක් නිසා කාන්තාව වැරදියි කියලා කියන්න පුළුවන්. ඒත් ඒ වැරැද්ද කරන්නේ ඇයි කියන එක හොඳ සංවාදයක් ගොඩනගන්න පුළුවන් කරුණක් වෙයි.. නියමම සටහනක්..

    ReplyDelete
  4. සටහන නියමයි.
    කෙසේ වෙතත් වැරදිකරු, නිවැරදිකරු කියල සීමා මායිම් ගහල වෙන් කරන්න බැරි තරමට අපි හැමෝම රඟපාන්නො වෙලා ඉවරයි.

    ReplyDelete
  5. ලියවිල්ල නම් මරු..
    කතාවේ පෙළගැස්ම හින්දම ලිවීම අලංකාරයි කියලයි මට හිතෙන්නේ..
    අන්තිම මොහොතේ මුළු කතාවම පටන් අරන් අවසන් කරලා දාලා තියෙන්නේ කමෙන්ට් වල තියනවා වගේම තව පැති ගොඩකින් කතාව දිහා බලන්න හින්ට්ස් දීලා.. නියමයි!

    ReplyDelete
  6. බොහෝමත්ම ස්තූතියි.. මම බලන් හිටියෙ කවුරු හරි අහයිද කියල ඇයි අන්තිමට කිව්ව වාක්‍යය පුරුශ ලිංගෙන් තියෙන්නෙ කියල. මොනව වුනත් මේකෙන් නිකම් බැලුවට පේන්නෙ නැති කාරණා 4ක් පෙන්නන්නම්.

    01. සටනකින් ඉතුරුවෙන්නෙ ශේෂ විතරයි. Benjamin Franklin කියල තියෙනව There was never a good war or a bad peace. ඒ වගෙ මුන් දෙන්නගෙම කිසිම හොඳක් නෑ.
    02. ඔහුට හිතා ගන්නත් බෑ තමන්ගේ මොන විශේෂත්වය ඇය ඔහු කරා යොමු කරාද කියල. ඔහු සුසුම් හෙළුවෙ එතන ආදරයක් නැති විත්තිය ඔහු දන්න හින්දා.
    03. පිරිමි කෙනා ඇහුව ප්‍රශ්ණය උන් දෙන්නගෙම හිත් වල නින්නාද දුන්නේ, මුවින් නොකිව්වත් ගෑනු කෙනාගෙ හිතෙත් ඔය ප්‍රශ්ණෙම තියන හින්දා.
    04. අන්තිම වාක්‍යය කියන්නෙ ගෑනු කෙනාගෙ හෘද සාක්ශිය.

    ReplyDelete
  7. හරි වැරදි කොතැන උනත්....මිනිස්සු අහිංසක ජීවිතත් එක්ක සෙල්ලම් කරන එක නම් ලෝකය තියෙන තුරු නවතින එකක් නෑ....

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...