Friday, December 31, 2010

ගැට තුන

එක්තරා ගැමියෙකුට දිනක් ගමනක් යන අතරතුර බිම තිබී ලණු කැබැල්ලක් හම්බුනා. මේක රියනක් විතර දිග පුංචි ලණු කෑල්ලක්. එක කෙලවරකට වෙන්න එකිනෙකට තරමක් ඈතින් ගැට දෙකක් තිබුනා. මේ ගැට දෙකෙන් ඈත්ව අනිත් කෙලවරට ලංව තව ගැටයක් ගහලා තිබුනා. මෙහි කුමක් හෝ අද්භූත තේරුමක් ඇතැයි සිතූ ගැමියා ලණු කෑල්ලත් අරන් ගම ආසන්නයේ කැලේ බවුන් වඩමින් ජීවත් වෙන ඍෂිවරයා ලඟට ගියා. ලණු කැබැල්ල අතට ගෙන මොහොතක් කල්පනා කළ ඍෂිවරයා අපූරු පිළිතුරක් දුන්නා.

"මේ මුලින්ම තියෙන ගැටේ තමයි උඹේ උපත. ඒ ලඟින් තියෙන අනිත් ගැටේ උඹේ මරණය. ඊට ගොඩක් ඈතින් තියෙන තුන්වෙනි ගැටේ තමයි මේ ජීවිත කාලය තුල උඹ සපුරාගන්න හිතාගෙන ඉන්න බලාපොරොත්තු...."


ලියා එව්වේ - සකි

14 comments:

  1. අපූරුයි....එය නම්

    ReplyDelete
  2. ඇත්තටම පලවෙනි ගැටෙයි දෙවනි ගැටෙයි මැද්දට තුන්වෙනි ගැටේ දාගන්න ක්‍රමයක් නැද්ද අප්පා...

    ReplyDelete
  3. උදේම මේක කියවන්න ලැබිච්ච එකනම් ලොකු දෙයක්. මුලින්ම හිතට ආවේ පට්ට! කියන වචනෙ. සන්තියාගෝ නම් සැරිසරන්නාගේ කතාවේ කියන්නෙත් තුන්වෙනි එක එකයි දෙකට මැදට දාගන්න කියල.

    ReplyDelete
  4. තුන්වෙනි ගැටේ ලොකු වෙන්න වෙන්න ඒක පස්සට යන සම්භාවිතාවේ වැඩියි!

    ReplyDelete
  5. මොකක් හරි දහංගැටයක් ගහන්න වෙනවා :D

    ReplyDelete
  6. ඇත්තටම පලවෙනි ගැටෙයි දෙවනි ගැටෙයි මැද්දට තුන්වෙනි ගැටේ
    දාගන්න ක්‍රමයක් නැද්ද අප්පා...

    බොදු පිලිවෙත අනුගමනය කරන්න..

    හරියටම කලොත් සියලු ගැට නැතිවී යනවා.

    ReplyDelete
  7. මමනං හිතන්නෙ ලොකු දාර්ශණික පැවතුම්වලින් තොර සිම්පල් ජීවිතේකට ඔය තුන්වෙනි ගැටේ මැදට එනව කියන්නෙ ලොකු අවුලක්. මොකද අනිත්පැත්තෙන් අපි දන්නවා අපිව ජීවත්කරවන්නෙ බලාපොරොත්තු කියලා. බලාපොරොත්තු නැති මනුස්සයෙක් මැරිල වගේ තමයි එක අතකට. ඒ අනුව මැරෙණකල් ජීවත්වෙන්න අපට ඉටුනොවුණ බලාපොරොත්තුවක් ඕන... තුන්වෙනි ගැටේ මැද්දට දාගත්තොත් ජීව්තේ කිසි ගතියක් නැති වෙයි. ඒ නිසා කරන්න ඕන තුන්වෙනි ගැටේ දෙවෙනි ගැටේට පුළුවන්තරම් ළඟට ගේන එකයි! පුළුවන්නම් ගැට දෙකම එකට ගහන්න පුළුවන්නම් ගොඩම තමයි!

    ReplyDelete
  8. කතාව ඇත්ත තමයි. අපි ජිවිතයේ හිතන් ඉන්න ඔක්කොම බලාපොරොත්තු ඉටු කරගන්න ලැබෙන්නේ නැහැනේ.

    ReplyDelete
  9. කවුද දන්නෙ සෘෂිවරයා නූල අනිත් පැත්තට අල්ලගත්තද කියල? ;-)

    ReplyDelete
  10. මේක පළ කලාට බොහොමත්ම ස්තුතියි... හැමෝගෙම අදහස් වල හිතන්න පැත්තක් තියනවා... බලාපොරොත්තු තමයි මිනිස්සුන්ව ජීවත් කරවන්නෙ... බලාපොරොත්තු නැති මිනිස්සු ජීවත් වෙන මල කඳන් වගේ තමයි... අනික් අතට වැඩි බලාපොරොත්තු (තුන්වෙනි ගැටේ ලොකු වැඩි උනාම) දුකට හේතුවක්... ඔය දෙකට මද්දෙන් තියෙන මග තමයි මධ්‍යම ප්‍රතිපදාව...

    -සකි

    ReplyDelete
  11. ජීවිතය ජීවත් කරන්නේ බලාපොරොත්තුව!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...