Wednesday, December 29, 2010

මලට කියන කවි (වස් කවි)

බල්ලොත් එක්ක නිදි වැදලා හැදූ පුතා
කොල්ලෙක් සතුව ඇති කොලු කම නොමැති සතා
කෙල්ලෙක් එක්ක නිදියන්නට නොහැකි නිසා
නිදි වැදුනයි හැක් කරමින් ෆේස් බුකා

ගොඩ මඩ දෙකම උඹෙ නිරතුරු පිරිහීයන්
හිරු දුටු පිනි වගේ ගත සවි දියවීයන්
යහමින් නැතත් ඇති නැණ බල පිරිහීයන්
මා හැක් කෙරූ පරයට හෙන හත වැදියන්

යන යන තැනදි බොට නිරතුරු කෙලවීයන්
කරනා සියලු දේ නිරතුරු වැරදීයන්
පැණි හඳ කන්ට ගිය කල පවු පල දීයන්
එන භවයෙදිත් නපුන්සකව ඉපදීයන්

දුක සිතී පසුව ලියමි

අනේ එහෙම කිව්වත් මල පැනපු නිසා
අකේ පුමාරුව හින්දම විඳින දුකා
මලේ උඹට හොඳ නම් ඔය අමන් ක්‍රියා
මගේ එකවුන්ටෙක හැක් කර සැනසීයා...................


ලියා එව්වේ - ඉන්දික සුමනවීර

11 comments:

  1. අපොයි. මල පැනලා කියන කවිත් අපූරුයි.

    ReplyDelete
  2. වස්කවිය

    ReplyDelete
  3. මේක නිකං රචියගෙ කවියක් වගේ....

    එයාට හොඳ නං ඔහොම සැනසුණාට මක් වෙනවද? හැබැයි ඕං අර හැක්ද මොනාද කරපු එකනං වැරදිලු ඕං!

    ReplyDelete
  4. අඩේ පට්ටයි කියන්නේ උපරිමෙන්ම පට්ටයි මට කියන්න වචන නෑ.........

    ReplyDelete
  5. වස් කවියක තියෙන තරහා උපරිමේටම තියෙනවා... මම නම් කැමතියි අන්තිමට වස්කවිය කියන්නාගේ හිත උණු නොවුනානම්. එහෙම වුනානම් තව මරු කවියක් එතනටත් එනවා..

    ReplyDelete
  6. ටිකක් සර වැඩියිද මන්දා..හැබැයි හෙනම සිරා බන්...

    ReplyDelete
  7. යහමින් නැතත් ඇති නැණ බල පිරිහීයන්
    මා හැක් කෙරූ පරයට හෙන හත වැදියන්

    මරේ මරු ... හෙහේ

    ReplyDelete
  8. මල පැනලා කියන්නේ උපරිමේටම පැනලා වගේ

    ReplyDelete
  9. උපරිමෙන්ම පට්ටයි
    mama FB share karanawa

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...