Tuesday, December 28, 2010

ආයෙත් කසාද බඳිනවද ?

"සිරි, ඔයා මට කොච්චර ආදරේද..?"

"මම ඔයාට ගොඩාරියක් ආදරෙයි ළමයෝ......!"

"සිරි, මම බැරිවෙලා හරි මැරුනොත් ඔයා ආපහු කසාද බඳිනවද...?"

"පිස්සුද....?, ඔයාට ඇරෙන්න මට වෙන කෙනෙකුට ආදරේ කරන්න බැහැ.....!"

"එහෙම උනොත් ඔයා පව් සිරී, මම මැරුනොත් ඔයා ආපහු බඳින්න....."

"ම්ම්ම්, ඔයා ඔච්චර කියනවනං මම බඳින්නං...."

"ඔයා බඳිනවා...?"

"ඔයා කියන හින්දා...."

"එතකොට ඔයගොල්ලෝ බැඳල ඉන්නෙ කොහෙද....?"

"මට ඉතින් වෙන තැනක් නෑනෙ, මේ ගෙදර ඇරෙන්න...."

"එතකොට ඔයගොල්ලො නිදාගන්නෙත් මේ ඇඳේමද...?"

"ම්ම්ම්... වෙන ඇඳක් නෑනේ....."

"එතකොට ඔයා එයාට මගේ රත්තරන් බඩුත් දෙනවද...?"

"ඉතින් ඒවා නිකන් අල්මාරියේ තියාගෙන ඉඳල වැඩක් නෑනෙ..."

"එතකොට ඔයා මගේ සාරි ටිකත් එයාට දෙනවද...?"

"නෑ..... එයා සාරි අඳින්නෙ නෑ....!"

"ඈහ්....?"

"ඌප්ස්...!"


ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

20 comments:

  1. මොනව වුනත් කට පරිස්සං කර ගන්න එපැයැ... හික් හික්..

    කලින් අහල තියනව මතකයි. ඒත් ආයේ පාරක් හිනා ගියා.

    ReplyDelete
  2. මේක මගේම නිර්මාණයක් නෙමෙයි. මෙහෙ තියෙන රේඩියෝ චැනල් එකක ගිය කතාවක්. පොඩ්ඩක් අපිට ගැලපෙන විදිහට වෙනස් කරලා තමයි දැම්මෙ...

    ReplyDelete
  3. Hi hi.. Kata boru kiwwath diwa boru kiyanne ne ne..

    ReplyDelete
  4. ගෑණුන්ටත් ඕන්නැති දෙයක් නෑ අප්පා..! :D :D

    ReplyDelete
  5. පව් සීන් එක කියලා හිතෙනවා.. ඒත් ඉතින් කතාවක් විතරයිනේ..

    ReplyDelete
  6. මාත් තැන් දෙක තුනකින්ම මේක කියවලා තියෙනවා... ඒ හැම වෙලාවෙම ආයෙත් අළුතින් හිනාවෙන්න පුළුවන්කම ලැබුණා... අම්මෝ මේ කාන්තාවෝ.... බය හිතෙනවෝ...

    ReplyDelete
  7. කට කහනවට වඩා දෙයක් නේද? වචන සීයට ගොනු කරපු හැටි තමයි පුදුමේ.. එල

    ReplyDelete
  8. හෙහෙ.. මරු කතාව....

    ReplyDelete
  9. දුමී said...
    අපේ ගම හාමිනේගේ නම් විනෝදාංශය තමයි සාරි එකතු කිරීම. සාරි අඳින්නෙ නම් හරිම කලාතුරකින්. එහෙම අඳින්න ඕනෙ උනහම ගිහිල්ල අලුතෙන් සාරියක් අරෙගෙන අඳිනවා මිසක් අර කලින් ගත්තු සාරි දිහා ඇහැක් අරලවත් බලන්නෙ නැහැ...!

    ReplyDelete
  10. ස්පැම් කරන්න එපා යකෝ...

    ReplyDelete
  11. @කතන්දර,

    හප්පා, මටත් ඒක දැන්නේ ක්ලික් උනේ.... :)

    කතන්දර බලන්නෙ ඉතින් කතන්දරයක් හදන්නම තමා....:)

    ReplyDelete
  12. මචෝ කව්ද බන් ඒ සාරි නො අඳින කෙනා . .
    හරි හරි ගම හාමිනේට කියන්නේ නෑ . .
    හොරෙන් කියපන් බන් . . .හික්ස්

    ReplyDelete
  13. පිස්සු කොර.. මාරයි දුමී අයියා

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...