Saturday, December 18, 2010

මට හිතෙන්නෙත්, මම හිතන්නෙත්.....!!

නවත්තන්න ඕනි... මේ හිතන එක
ඇත්තටම හොයාගන්න බැරි
හිතනවද....? හිතෙනවද...? කියන එකයි...
මේ දෙකේ වෙනසක් තියෙන බව නම්
මට හිතා ගන්න අමාරු නෑ
මේ දෙක මොකක් උනත්
නවත්තන්න අමාරුයි වගේ
කවුරුද මන්ද කියනවා මතකයි
මිනිස්සු එකිනෙකාට වෙනස් වෙන්නේ
හිතන විදිහෙන් කියලා
එත් මට නම් හිතෙන්නෙ
අමාරුවෙන් හිතල හිතල
මිනිස්සු ලෝකය වෙනස් කරන්න හැදුවට
මට නම් මේ හිතන එක
හිතාගන්න බැරි ප්‍රශ්නයක් වෙලා
කියවන අයට හිතෙයි, නැත්තම් හිතයි
මුට නම් පිස්සු කියලා
මං දන්නේ නෑ
මම හිතන විදිහෙයි, මට හිතෙන විදිහයි
වැරදිද කියලා....
මං මොනවා කරන්නද?
මං දන්නා එකම දේ
මට හිතෙන්නෙත්, මම හිතන්නෙත්
එකම දෙයක් විතරයි....
දෙයියනේ... ඒ ඔයා ගැන....!!

ලියා එව්වේ - මහේෂ් හශාන්ත සිල්වා (http://asipiyakamahima.blogspot.com/)

6 comments:

  1. මේව මේ වයසට හැදෙන ලෙඩ... ටික දවසකින් හරි යයි... ඊට පස්සෙ සමහර විට එයා ගැන නැතිව අනිත් හැමෝම ගැන හිතයි :D

    ReplyDelete
  2. @ ඇනෝ :
    බොහොම ස්තුතියි ඇනෝ ඔයාගේ අදහසට...

    ReplyDelete
  3. @ h :
    ස්තුතියි සහෝ...
    අනේ මන්ද...? හිතලම බලමුකෝ.....හිතෙනවද කියල...

    ReplyDelete
  4. ඒක ඈත්ත .......හිතලම වෙන දෙයක් ගෑන හිතන්න පටන් ගත්තත්...තප්පරෙන් නවතින්නේ ඔයා ලග ඒ හෑම දෙයක් එක්කම මතකයන් බෑදිලා තියෙන හින්ද ද...? නෑතිනම් ඔයා ගෑන හිතලා ඉවර කරන්න බෑරි තරම් හිතන්න තියෙන හින්ද ද..?

    හෝව්....... හෝව්....... හෝව්.....

    මගෙ රත්තරං මෙන්න comment එක ඈතුලෙත් මම ඔයා ගෑන හිත හිත ලියනවා.........

    ReplyDelete
  5. @ Udhara :
    ඔයාට වගේම තමයි උදාර...ලියන අස්සෙත් හිත එය ලග..
    ස්තුතියි..

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...