Wednesday, December 15, 2010

නුඹ නටාපං අපේ හෙට දවස වෙනුවෙන්........

ගොදුරක් හොයා
ඇදීගෙන
හතුරෙක්ට
ඔය පෙන ගෙබේ
පුප්පගෙන
තුඹහකට වෙලා
දරන ගහන්
නිදියගෙන
නිදහසේ උන්නු
උඹේ දිවිය
බට පෙට්ටියක
හිර කරන්
එහාට මෙහාට
කුදලන් ගිහින්
උඹව
නටව නටව
උඹට දෙන
දස වදේට
මට
සමාවෙයන්
නයි හාමි,

එක අතකින්
මම වැරදිත් නෑ
මේක අපෙ
පරම්පරාවෙන්ම
එන උරුමෙ
අපේ අප්පොච්චිලත්
උඔලගෙ වරිගෙ
උන්ව හිරකරන්
නටවපු එකේ
මටයි කියල
ඒකෙ වෙනසක් නෑ
අපි උඹලට
දෙයියන්ට වගේ
සළකනව

සත්ව හින්සනේ
සමාජ සම්මතේ
ඔය බම්බු වලින්
අපේ බඩවල්
රැකෙන් නෑ බං
බඩ රැකුනොත්
තමයි
අපි රැකෙන්නෙ
උඹ නැටුවොත්
තමයි
අපේ බඩවල්
සැනහෙන්නෙ
අපිට නින්ද
යන්නෙ

මං නලාව
පිඹින්නං
ඉතිං උඹ
නටාපං
අපේ හෙට දවස
වෙනුවෙන්...........

ලියා එව්වේ - සොඳුරු මිනිසා (http://sonduruminisa.blogspot.com/)

4 comments:

  1. පුෂ්...ෂ්...

    ReplyDelete
  2. මේක ගැන හිතනවනම් සෑහෙන්න පුළුවන්. වතාවක් සත්තු වත්තෙ සත්තු කූඩු වෙලා ඉන්න එක ගැන බ්ලොග් එකේ ලිව්වම සෑම් කියන මහත්තයා කිව්ව සත්තු එහෙමවත් ඉන්නෙ උන්ව ප්‍රදර්ශනය කරන නිසා විතරයි කියල. එක අතකට ඒක ඇත්ත. සත්තුන්ගෙ ජීවිත අපේ ප්‍රයෝජනය සඳහා තියෙන තාක් කල් උන් වඳ වෙන්නෙ නෑ. කුකුල්ලු, හරක්, ඌරො වගේ සත්තු කොහෙත්ම වඳ වෙන එකක් නෑ වසංගතයක් හැදුණෙ නැත්තං. ඉතිං සාමාන්‍යයෙන් සර්පයො අතරින් නයෙක්ව කවුරුවත් මරන්නෙ නම් නැති වුණාට උන් රැකිල ඉන්න ඔය නයි නටවන රස්සාව කරන මිනිස්සුත් පොඩි දායකත්වයක් දෙනව නේද?

    ReplyDelete
  3. බී ලයිෆ් බලපු ගමන් මේකත් දැක්කා.. නියම සටහන.. මිනිසා ඉතින් පරිසරය තමන්ට ඕනි විදිහට වෙනස් කරගන්නවානේ.. ඉතින් අනික් සියළු සතුන් මිනිසාට අවශ්‍ය විදිහට ජීවත් විය යුතුයි.. නියමයි සොඳුරු මිනිසා..

    ReplyDelete
  4. හැමෝටම ගොඩක් සතූතියි

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...