Monday, December 13, 2010

උන්ටම ගිය ශිලා ලේඛන ..

එවක සිරිලක විපුල කසප් රජතෙම උරුම කම් කී මෙකී සියයක් අනත්පුර ළඳුන් සිටියේ රති ක්‍රීඩාවට නම් නොවේ. උන් ඉඳ ඇත්තේ කසප් රජුට කම්මැලිවූ විට කොටු පැනීමටත්, දාන් ඇදීමටත් හා කසා ගන්න බැරිතැන් කසා දීමටත්ලු.

උන්වහන්සේගේ කාලයේ තහනම් ගස්වල ගෙඩි තිබී නැතිලු. තිබී ඇත්තේ කාක් කූඩු දෙක තුනකුත් හා මැඩම්ට විරුද්ධව ජවිපෙන් ගැසූ පෝස්ටරයක කැබිලි කීපයකුත් පමණිලු. උන්වහන්සේ වචනයේ පරසමාප්ත අර්ථයෙන්ම අසභ්‍ය යැයි සම්මත කිසිවක් කර නැතිලු. අඩුම තරමේ කොල්ලෙක් කාලයේ හදිස්සියකට ජැක් එකක්වත් නැත්තම් බැරිවීමකින් නිල් චිත්තරපටයක්වත් බලා නැතිලු. අඩුම තරමේ මුත්‍රා කරනවා ඇරෙන්න වැරදි හිතකින් රහස් තැන දිහාවත් බලා නැතැයි එල්ලාවල සල්ගාදු ඊයේ පෙරවරුවේ පැවති මාධ්‍යය සාකච්ඡාවකදී එළිදරව් කළේලු.

ලියා එව්වේ - Dilan Dadevil (http://dilandadevil-poems.blogspot.com/)

7 comments:

  1. අනෙ අම්මියො ඔහොම ගහන්න හොඳද මං අහන්නෙ :D :D

    නියම ලිවිල්ල.

    ReplyDelete
  2. කට හොඳටම කහ කහ තිබුනෙ පිටස්තරයා... ඔන්න කියලම දැම්මා... බොහෝමත්ම ස්තූතියි නුඹේ ඔය වදන් වලට..

    ප.ලි. රුචි කොටසේ 'තේරුනේ නෑ' යන්නට එකක් වැටුනම මට බකස් ගාල හිනා ගියා.. :D :D කාට මේව කියන්නද දෙයිහාමුදුරුවනේ !!

    ReplyDelete
  3. තේරුම් ගන්න ඕනි මිනිස්සු ඕක තේරුම් ගන්නෙ නැති එක තමා බං අවුල.. ඔය උඩ තියාගෙන වඩම්මන සංස්කෘතිය ආවේ සුද්දොන්ගෙන් කියන එක උන්දැලාට අමතක වෙලා...

    ReplyDelete
  4. උඹ මහ බල්ලෙක් යකෝ. මහ උන්දලට ඔහොම කියන්නේ එහ්! :ඩී

    ReplyDelete
  5. කසුප් රජිදානන්ට ඔහොම කෙලිනවද මං අහන්නේ. මං ගිහින් නැතුවට ඒ පැත්තේ. මේකත් අධිරාජ්‍යවාදී මේව්ව එකක්! ගලවන්ට ඕනේ බ්‍රිතාන්‍ය කොමසාරිස්ගේ මෙව්ව එක.

    ReplyDelete
  6. වීරවංස සහෝදරය මට සමාවෙන්න ඕනෙ හිත රිද්දුවනම්.... මේ සම්බන්ධව උපවාසයක් එහෙම ඔබතුමා කරන්න ඉන්නවනම් කියන්න, මම ලෙමන් පෆ් ටිකකුත් අරන් බැහැ දකින්න එන්නම් ;)

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...