Monday, December 27, 2010

මරු වැයික්කිය හෙවත් Area No One

පොපියන තොලුත් ගැටෙමින්
සැලෙන හඬ නෙමේ ඒ
පිට පුරා උණුසුම්
ප්‍රථම හාදුවෙහි පහස
මට දැනී
ගුණ වැනී

සිතපුරා විඳින රස
සියොළඟම හිරිවැටී
උච්චතම මොහොත ළඟ
හුජ්ජ පොදකින් තෙමී
විසුරුවා හැරුනි

කුඩේ කලු කුඩේ කුඩු
හිටි තැනුත් සින්නවී
මුදු පොලු පහස යස
පිට පලාගෙන
පපුවටම වැදී

සිහිනයේ ඇහැරී
සිසාරා වටපිට
හුරුබුහුටි කුටියක තනිව
අප වැනිමවුන් සමඟ
"අපේම ලොවක අපි
පෙම් කෙරුම ඇරඹී"
මට කෙඳිරි ගෑවී

රෝමියෝ, ජුලියට්
පණ හිටන් දීලා
මේව නම් මොනවද
එකෙකුත් කොහෙන් කියලා
එහෙයි නොකියමුද සිතුනි?

පත්තරෙත් දාලා
ටීවී එකෙ දැක්කා
අපේ සෙල්ලම්
අපිත් තරු ඇඬුනි

කාකි සිරි විඳිමින්
ජාතකය කියමින්
එකින් එක
විටින් විට
ගනිමු පොලු සොඳුරී


ලියා එව්වේ - තිළිණ මධුශංඛ (http://www.sondurusithuwam.blogspot.com/)

4 comments:

  1. සොදුරියට පොලු ගන්ඩ කිව්වම මට නිකං අවුල වගේ. ​

    ReplyDelete
  2. තේරුන්නෑ මචං

    ReplyDelete
  3. මට කොහොමත් තිලිණ හිතපු දේ දැණෙන්න ඕන නෑ... ඒත් හිතෙන්නෙ ප්‍රසිද්ධියේ අවිනීතව(?) හැසිරුණ යුවලක් පොලිස් කූඩුවක් ඇතුලෙ හිරවුණ අවස්ථාවක්. මේ යුවල සාමාන්‍ය පෙම්වතුන් යුවලක්, සමරිසි යුවලක් හරි ගණිකා පාර්ශවයක් සහිත යුවලක් වෙන්න පුළුවන්. මොනව වුණත් කාලෙකින් කියවපු ගොඩක් පැති වලින් හිතන්න ඉඩ දීල කරල තියෙන පද්‍ය නිර්මාණයක්!

    ReplyDelete
  4. මට නම් හිතුනේ කපල් එකක් හිටපු කාමරයක් කැමරාවක් හයි කරලා වගේ නේද.. ඕක ගැන කියලාම එපා වෙලා නිසා මම මුකුත් නොකියා ඉන්නමි...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...