Friday, April 22, 2011

අනේ සාදු……!

“හේතුවෝ..“

“හාමුදුරුවනේ…“

“උඹ මොකක්ද කර කර උන්නෙ?“

“පන්සල පහල රබර් කට්ටියෙන් දර වගයක් ඇහින්දා. ඒ ටික අඩුක් කලා හාමුදුරුවනේ.“

“හොඳා හොඳා.. උඹෙන් අහන්න හැදුවේ…. ආ.. පුංචි වලව්වෙ දානෙ කවදැයි කියලද කිව්වෙ බං?“

“ලබන සෙනසුරාදා හාමුදුරුවනේ..“

“මේ ගමන මුං මට නොකියම මැද පන්සලට ආරාධනා කොරලනෙ. මට නිකංවත් මතක් කලාද?“

“මහ නිලමෙ නැතිවුණත් හරි පුංචි වලව්වෙ ඈයො හරියට වෙනස් වෙලා හාමුදුරුවනේ..“

“මට හිතෙනව ගිහිං උන්ට දෙකක් කියල එන්න. ගමේ එකාල හැටියට උන්ට තියෙනව යුතුකමක්…. හේතුවො කුසුමගෙ ගෙදරට ගිහිං කියාපං ඇවිත් මගෙ කාමරේ අස් කරන්න කියල. හැඩිවෙලා. මං එනකං ඉන්න කියාපං කකුලෙ තෙල් වගේකුත් ගාගන්න තියෙනව.“

“එහෙයි හාමුදුරුවනේ..“

“කෝ ගෙනෙං මගෙ කෝට් බෑය….“

ලියා එව්වේ - සකුස් (http://sakus-matahithenaheti.blogspot.com/)

4 comments:

  1. අන්තිම පේලියෙන් ගහලා ගියානෙ බොල!

    ReplyDelete
  2. දැන් ඉතින් හමුදුරෝවෝ කිවුවම කොහොමද අඳුනන්නේ මන්තිරි හාමුදුරුවෝද හාමුදුරු මන්ත්‍රී තුමාද කියල.. ඒ මදිවට ඔන්න මැලේසියාවේ ලොකු හාමුදුරුවෝ නම් නම්බු නාමයක් ගන්න කෝට් කලිසම් ඇඳන් කිං ලඟට ගිහින් පත්තරේ දාල තිබ්බ !

    ReplyDelete
  3. මමත් අන්තිම පේලිය වෙනකම් හිතාගෙන හිටියේ පන්සලක් කියලා. මේක මම හිතන්නේ වෙලා තියෙන්නේ අනික් පැත්ත. වලව්වෙන් පන්සලට අයිතිවාසිකම් කියන්න එනවා වගේ.. අපේ අපේ. ඇත්තටම මේ අපේ කියන්නේ මොකද්ද? කවුද මේ අපි?

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...