Tuesday, April 5, 2011

නිකං දෙන බත්

කියන්නෙනම් ගෙදර අම්ම හදන බත් එක තරම් කෝකත් රස නෑ කියල.

මල්ලිකාගෙ අම්ම නැති වෙලත් අවුරුදු ගාණක් වෙලා නිසා එයාට කොහොමත් එහෙම අවස්ථාවක් නෑ...

ඒ නිසා හම්බවෙන ඕන බත් එකක් සුටුස් ගාල ගිලල දාන්න මල්ලිකාට පුළුවන්.

මේ පාර ප්‍රෙෂර් පොඩ්ඩක් වැඩි වෙල ඉස්පිරිතාලෙ නවතින්න වුණ එක ගැන මල්ලිකා සතුටු වුණේ පුංචි විවේකයක් නිසා ඒක.

ලොකු දුවයි පොඩි දුවයි මාරුවෙන් මාරුවට උදේ දවල් රෑ තුන් වේලටම කෑම බීම හදල එව්ව.

ඉස්පිරිතාලෙන් දෙන කෑම එකත් වරදක් නෑ...

මාළු කෑල්ලම ඇති බඩ පිරෙන්න...

ඒ සයිස් එකට ගෙවල්වල නම් මාළු කපන්නෙත් නෑ...

මාළු කෑල්ල පිරියෙන් කන්න පුළුවන්..

ඉතිරි බත් ටික හෙමීට විසි කරන්නනේ තියෙන්නේ...


-
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

3 comments:

  1. දැන් කාලේ මාළු කෑල්ල නෙමෙයි කෝකත් අල පෙති කපනවා වගේ තමා කපන්න වෙන්නේ.. ඕකට උද්ධමනය කියලත් කියනවානේ.. මම හිතන්නේ උඹ කියන්න හැදුවේ මොකක් වුනත් මට මේකෙ අහුවුනේ ඒ පැත්ත..

    ReplyDelete
  2. මේක ඇත්තට වුණ සිදුවීමක්. මාළු කෑල්ල විතරක් කාල ඉතිරි බත් එක විසි කරපු කාන්තාවක් ගැන. එයා ඒක පුරුද්දට කරන දෙයක් කියල තතු දත්තෝ කිව්වා...

    ReplyDelete
  3. අතහැරිමත්, තනිවිමත් නිසා සිදුවුන අඩුව මක්න්න එන බිසි විමත් එක්ක මනුස්සයො විවිධාංගිකරණයට ලක් විම. එකිනෙකාට ආවෙනික වුණ දෙයක් තුලින් මිනිස්සු සියලුම අඩු හිත්වලින් අමතක කරනවා, අතහරිනවා කොතනකදිත් දකින්න තියන දෙයක් මිත්‍රයා හරිම අපුරුයි.
    එක සිද්දියක් උනාට මෙතර්ඩ් එක ගොඩක් තැන්වලන් පාවිච්චි වෙනවා.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...