බන්දුපාල දෙවරක්ම වාහනයේ වීදුරු පහත් කරලා ආයෙ වැහුවත් සද්දේ නැවතුණේ
නැහැ. අලුත් වාහනේ... හුළං ලීක් වෙන්නත් බැහැ. සු... ස්සූ... හඬ විටින්
විට ඇහෙනවා.
පසු අසුනේ ඉන්න චෙයාර්මන් මහත්තයාගේ මූණ පත්තරෙන් වැහිලා.
"සර් හොස්පිටල් යමුද?" ඇහුවේ දෙගිඩියාවෙන්.
"ඒ මක්කටැයි?" ගෙරවූවා.
"සර්ට... අසනීපයක්වත්ද?"
"බොට අමු කැවිලද මිනිහෝ?" දැන් විදුලිත් කොටයි.
බන්දුපාල නිහඬ විය.
"ඇමතිතුමාගේ බංගලාව දිහා යමු"
"හොඳමයි මහත්තයෝ"
පුදුමේ ගේට්ටුත් ඇරිලා. වාහනය නවත්වන සුනංගුවේ දොර ඇරගෙනම බැහැලා ගිය
මහත්තයා අතේ වූ පත්තරයේ කොටසක් ගිලිහුණා.
බන්දුපාල අහුලා, ගසලා ගත්තා. ලොකු අකුරින් වූ "ස්විස් බැංකු තැන්පත්
කරුවන්ගේ රහසිගත තොරතුරු හෙළිකරන්න සැරසේ" පේළිය දැකලා "සු(විස්)...
ස්...සූ(විස්)..." මතුවූ වියරු සිනාව... තරුරොත්තකට පෙරලුණි, බන්දුත්
ගැහෙන්න පටන්ගති.
ලියා එව්වේ - ගල්මල්-Coral (http://galmal.blogspot.com/)
මේක දැණුනෙ හොල්මන් චිත්‍රපටියක අඳුරු පරිසරේක සිද්ධ වෙන හොල්මන් ජවනිකාවක් වගේ... ඒක වැරදිමත් නැතුව ඇති.
ReplyDelete@hare :-)
ReplyDeleteඒ වගේ අවස්ථාවක් උදාවුනාම හොල්මන් කිරීම නිසා හොල්මන් වීම අනිවාර්යයෙන් වෙනවා ඇති. බොහෝම ස්තුතියි සටහනට.