ලොකු දුව දැන්ම බඳින්න අදහසක් නැද්ද?
තාම නෑ කෙනෙක් ඉන්නවා..
ආ.. නෑදෑයො වෙන කෙනෙක්ද? මොකද්ද රස්සාව..
නෑදෑයෝ නෙමේ. කොම්ප්‍යුටර් මොකද්ද එකක වැඩ.
හොඳයි නේද?
හ්ම්ම්...
එයා අපේ ජාතියේ නෙමේයි කියලා ආරංචි උනේ හැබැයි.
හ්ම්ම්....
ඔයාලා හොයලා බැලුවේ නැද්ද? මොනා උනත් අපේ කෙනක්ම නම් තමා හොඳ නේද....
එයාලාගේ කැමැත්තනේ.. අපි වැඩි කල් ඉන්නෑ. මේ එයාලගේ ජීවිතේ.
ඒත් ඉතින් මැරුණම එහෙම කොහොමද ඒ චාරිත්‍ර. අපේ ක්‍රමේටද එයාලගෙ ක්‍රමේටද?
මැරුණට පස්සේ කොහොම උනාම මොකද. කොහොම කරත් පොළවට නේ.
ඒ උනාට එහෙම හොඳද. කොහොමත් ආගමෙන් පිට ගියාම අපේ ක්‍රමේට බෑ.
ලොකු දුව මැරෙණ කාලෙට නැන්දා පණ පිටින් හිටියොත් බලාගන්නකො කොහොමද චාරිත්‍ර කෙරෙන්නේ කියලා.
.......................!
ලියා එව්වේ - ෆා ද බ්ලොගී (http://bloggysdiary.blogspot.com)
තරුන කාලෙදි කොහොම හිතුවත් වැඩිහිටි උනාම් ලොකෙ දකින විදිහ වෙනස් වෙනව. අනෙ මන්ද!
ReplyDeleteලොකු දුව මැරෙණ කාලෙට නැන්දා පණ පිටින් හිටියොත් බලාගන්නකො කොහොමද චාරිත්‍ර කෙරෙන්නේ කියලා.
ReplyDelete.......................!
සමහර දේවල් තියෙනවා ගතයුතු තදබල වටිනාකමක් නැතත් අපි බදාගෙන ඉන්න. ඇත්තටම ලොකු දුවේ, ඔයා මැරෙණ කාලෙට ඔය කියන නැන්දා කොයි ලෝකේ ඉඳියිද නේද? අනිත් එක මැරුණට පස්සේ තම්බගෙන කෑවත් මොකද නේද?
ලමයා එක ගලෙන් කුරුල්ලො දෙන්නෙකුට ගහලා වට්ටලා වගෙ.
ReplyDeleteඅත්දැකීමක්ද මන්දා..
ReplyDeleteමොනව උනත් ලස්සනයි.
බොහොම ඈතකදි, වතාවක් දෙකක් පින්තූර හදාගන්න මාව හම්බවෙන්න ආපු, යන්තම් පර්දාවෙන් පෙණුන මූණට හිත ඇදිල සති ගාණක් පෙම් කරපු ඇත්තිව මතක් වුණා මට. ඒ දවස්වල ඕක ගැන, සගයො එක්ක කතාවෙදි මෙතන ලියන්න බැරි එක එක කතා උන් කිව්ව මතකයි.
ReplyDeleteමොනව කරන්නද? ඒ මිනිස්සුන්ගෙ හැටි. ඉන්න කාලෙ මදිවට මැරුණට පස්සෙ වෙන එක ගැනත් විඳවනවා...
නියමයි ෆා!
Good one ෆා !!!
ReplyDeleteඅදහස් දක්වපු සියළුම දෙනාට ස්තූතියි.
ReplyDeleteමේ මං ගැන බොහොම උනන්දුවෙන් හොයලා බලන මගේ ආදරණීය නෑදෑ පිරිසට මට දෙන්න ඕන උන උත්තරේ.. ඒත් අවාසනාවකට මගේ නෑදෑයො කවුරුත් බ්ලොග් බලන්නෙ නෑ.
ඊටත් කලින් නැන්දට කියන්න මෙහෙම
ReplyDelete'අපි හැමෝම මැරෙන මිනිස්සු නෙ'
ඇත්තම කතාවක්ද මන්දා....?
ReplyDeleteනියම උත්තරේ, කියල වැඩක් නැහැ.
ReplyDeleteඅතිවිශිෂ්ඨයි..
ReplyDelete