Tuesday, April 19, 2011

වෙලාව

පැය භාගයක් උනා... තවම බස් එකක් නැහැ. අසල සිටි තරුණයා වෙලාව ඇහුවත් සරත්
නෑහුණා වගේ උන්නා.

මූණ බලා ඉඳ… ගිය තරුණයා ආයෙ ඇවිත් "වෙ..වෙ. වෙලාව කි...කි." කිව්වත්
නෑහුණ ගානට ඈත බලා හිටියා මිස සරත් කිසි කතාවක් නැහැ.

අසල සිටි අනෙකා "අර අහිංසකයා වෙලාව අහනවා නේද? අතේ ඔරලෝසුවක් තියාගෙන
ඇහුන් නෑ වගේ ඉන්නෙ... වටින් නෑ සහෝදරයා."

බේරුමක් නැති තැන අත් ඔරලෝසුව බැලූ සරත් "...හ..හ.. හත..ර..ආ..." කියන්න
තටමද්දි තරුණයා නෙලන්න පටන්ගත්තා.

මදිවට අනිකා "ඕයි! තමුසෙට වටිනවද ආබාධිතයෙකුට කොලොප්පම් කරන්න"

කන හරහා වැදුණ පාර රූං ගාද්දී "ත් ත ත.. තමුසේ ක් ක... කට පියන් ඉන්න ද්
දු.. දුන්නැයි ම්.. ම්...මට..." සරත් ගොත ගහනවා...

ලියා එව්වේ - ගල්මල්-Coral (http://galmal.blogspot.com/)

8 comments:

  1. කට පියාන ඉන්න නොදී, කට ඇරියමත් ඉන්න නොදෙන සමාජයක්... වචන සීයක ඔක්කම ලියවිලා...

    ReplyDelete
  2. හැංගෙන්න හැදුවට හැංගෙන්නත් බැහැ..
    හංගන්න හැදුවට හංගන්නත් බැහැ..
    වහා ගන්න හැදුවට වහගන්නත් බැහැ..
    කා ගන්න හැදුවට කා ගන්නත් බැහැ..

    ReplyDelete
  3. කලින් අහල තියෙන කතාවක් වුණාට වචන ගේම් එක මරු :D

    ReplyDelete
  4. කලකට පෙර අසා තිබූ පුංචි කතාවක ඇතුලාන්තයේ ඇති පණිවුඩය මතුකරන්නයි උත්සාහ කලේ. සොඳුරු සිත ඒ සාරය අලංකාරව පෙරා ගත්තා.

    සොඳුරු සිත, රවා හා hare :-) ගේ සටහන් වලට වගේම රුචිය ලකුණුකර හැමටත් බොහෝම ස්තුතියි.

    ReplyDelete
  5. වචන සීයකින් කියූ කතාව වචන දහස් ගණනක් වටී.

    ReplyDelete
  6. @Observer:
    බොහෝම ස්තුතියි, ඔබේ වචන ශක්තියක්.

    ReplyDelete
  7. ඇත්ත නියම කතාවක්. එදිනෙදා අපි යන එනකොට වචන සීයේ ඒවා අනන්තවත් අපිට හමුවෙනවා ඇති. ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒවාට සංවේදී නැති එක තමා.

    ReplyDelete
  8. @ආගන්තුකයා | Stranger:
    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...