සුරංගනා කතාවක හිම වැටුණ රැයක විදුලි කණුවක් යට ලා එලියක ඇය නටමින් හිටියා... ඒ නැටුම කෙලවරදි අඳුරු මුල්ලක හිටපු මගේ පපු තුරුලට වෙලා ඈ ඇගේ ආදරේ මට කිව්වා... මම ඒ දෑස් දිහා බලන් හිටියෙ පුංචි මොහොතක්. ඒක ජීවිතේ නැවතුණු මොහොතක් වුණාට මම ඒ මොහොත ඇතුලෙ ජීවිත කාලයක් හිටියා...
ඊළඟ දවසෙ ආයෙමත් උදේ නැගිටල මුහුණ හෝදල පටන්ගන්න ඉරි තලපු ජීවිතේ ඇය සාමාන්‍ය ගෑණියක්... ජීවිත කාලෙන් මොහොතක් ඈත් එක්ක ගෙවන එක කෑම පිඟානක්, පත්තරයක්, චිත්‍රපටියක්, ක්‍රිකට් තරගයක් වගේ සරල දෙයක් වෙලා.
ඒත් හිම පියලි වලින් වැහිල ඇගේ නෙත් දෙක තාම ආරක්ෂිතයි... විශේෂ කෑමක්, හොඳ කාටුන් එකක්, දැණෙන චිත්‍රපටියක්, සික්සර් එකක් වගේ...
-
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)
හරිම ලස්සනයි.යතාර්ථය.........වචන සියයකින් මේවගේ දෙයක් කීම අමාරුයි.කීවත් ඒක තෙරුම් ගැනීම ඊටත් වඩා අමාරුයි.
ReplyDeleteදැනෙන්න කියල තියෙනවා
ReplyDeleteඔබ වචන සීය තුල අදහස ගැබ් කරන්නේ දක්ෂ විදියට, වඩාත් සාර්ථක ඉදිරිපත් කිරීමක්. තව තවත් ලස්සන නිර්මාණ කරන්න. සුභ පැතුම්!
ReplyDeleteපට්ට
ReplyDeleteමේකෙ ලියවුණ මේ මුල් ඡේදය මට දැණුන හැඟීමක්... ඒක දැණුනෙ Edward Scissorhands චිත්‍රපටියෙ අන්තිම ටික බලද්දි...
ReplyDeleteමේකේ මුල් ජේදේ කියවද්දි මට මතක් උනේ මම කාලයක් හරිම ආසාවෙන් කියවපු අපේ ගෙදර තිබ්බ පරණ පොතක්.ඒකේ ඇන්ඩර්සන් ගේ සුරංගනා කතා තියෙන්නේ. ඒකේ එක තැනක තියනවා දුප්පත් කෙල්ලක් හිම වැටෙන රෑක ගිණිකූරු පත්තුකරලා උණුසුම් උනු කතාවක්.. ඒ කතාව වගේ මේකත්..මට දැනුනේ.
ReplyDelete