Sunday, April 17, 2011

අඹ ගෙඩියක හැඩය වෙච්ච

දකින දකින මිනිහ අතේ

බැඳලා ඔරලෝසු ඇතේ

එක වෙලාව නොපෙන්වතේ

කියලම දුක තිබුනෙ හිතේ

අදින් පස්සේ ඒවා මතේ

එක වෙලාව දුවනු ඇතේ

වෙනුවෙන් අප හටම සෙතේ

වෙබ් සයිටුත් දාලා ඇතේ

අකුණු පවා වැදිල ඇතේ

කහටක් නැති වුනත් හිතේ

මේ වදනුත් ලියමි පොතේ

මින් මතු මේ පොළොව මතේ

හැමෝම සිනා සෙනු ඇතේ

උන්ගෙ එකම ප්‍රශ්නෙ හිතේ

දැන් නැතිවෙල ගිහින් ඇතේ

බඩු මිල අහසේ වැදුනත්

තුන් වේලට කන්න නැතත්

ලෝකය කනපිට ගැසුනත්

වෙලාව හරියටම ඇතේ

සන්තෝසය පිරිල හිතේ

(සමහර අය හිනා වෙන්නෙ

ඔච්චමට කියලත් හිතේ)

ඒ නම් ඉරිසියාව මයිහිතේ



හරිම වෙලාව ඇත අතේ

අනේ ඉතින් වෙනද වගේ

අපි

වෙලාවටම වැඩ කරනව ඕයි!

ලියා එව්වේ - හුළං

1 comment:

  1. හොඳ කතා ටිකක්නෙ කියල තියෙන්නේ... හැබැයි තව ටිකක් පොලිෂ් වැණා නම් හොඳයි වගේ... ඔය කතාව ඉතිං අපි හැමෝටම අඩු වැඩි වශයෙන් අදාල දෙයක්නෙ නේද? ලොකුම, වටිනම ඔරලෝසුව බැඳගෙන ඉන්න මිනිහ තමයි වැඩක් කරන්න ගියාම අම්බානක් පරක්කු වෙන්නේ... :D

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...