මහත්තයෙක්.
දිලිසෙන කළු කලිසමට යටකරපු ඉරි ෂර්ට් එක,
පස්ස පැත්ත පිම්බෙන්න බස්සපු පර්ස් එක.
හිඳගෙන උන් මගේ ලඟින් හිට ගෙන.
ඔහුගේ දෙකලවා මගෙ උරහිසට තද වෙයි,
හිටගත් සෙනඟක් නොමැති බස් රියේ.
මගෙ ඇඟට බර වෙයි, තෙරපෙයි, ඇඹරෙයි.
ඔක්කාරෙට එයි මට.
කොලුවෙක්.
නහර පෑදුණු කලු දෑත්, අඳුරු කමිසයක් හඩු ගඳ ඩෙනිමට උඩින්,
මා හිඳින අසුනේ කවුළුව පැත්තේ.
මාරුවෙන් මාරුවට බලයි,
අසුනේ ඇඹරෙන මා දෙස,
මට වාරු දී සිටින මිනිහා දෙස.
ටිකකින් අසුනින් නැගුණා කොලුවා.
'ඔයා මෙහාට වෙන්න' විධානයක්!
මට අසුනේ කෙලවර දී මගේ තැන ඔහු අරගෙන.
පහසුව සැලසුවා මට.
හඩු ගඳ ආයෙ ආවේ නෑ.
මහත්තයෝ, පැය එකහමාරක් ආදරේ කරා මං නුඹට!
ලියා එව්වේ - සොබනි
කියන්නට වදන් නොමැත :D
ReplyDeleteමයිකල් කෙනෙක්
ReplyDeleteමේක සත්‍ය සිද්ධියක්.
ReplyDeleteස්ථානය: කොට්ටාව දෙසට 138 බසයක්
දිනය: 06 අප්‍රේල් 2011
වෙලාව: හවස 6-6.30 අතර වේලාවක්
//මහත්තයෝ, පැය එකහමාරක් ආදරේ කරා මං නුඹට! //
ReplyDeleteමහත්තුරු දෙන්නටම ගැලපෙනව වගේ අන්තිම පදේ...
හඩු ගද උවද
ReplyDeleteඔහු එල කොල්ලෙක්ය
පලමුව එය කිව යුතුය
කෙල්ල ගැන කියන්නට
වදන් නැතිය මට
බේරා ගත් පසුව
ගදද නැතිලු ඌ ගාව
හොදම දෙයයි මා
දකින්නේ ඊලගට
ආදරෙයිලු පෑ එකාමාරක්
ඒ ගද මහත්තයට...
නියමයි කියන්නෙ උපරිමය! මහත්තුරුන්ව ආයෙත් වරක් හඳුනාගන්නට අවස්ථාවක් ලැබිල වගේ... :-)
ReplyDelete@සකුස්, @නචියා :
ReplyDeleteඅන්තිම පේලියේ 'මහත්තයා' කියා ඇත්තේ ඇත්තම මහත්තයාටය.
හෙහ්..හෙහ්..හෙහ්..මේ අන්තිම පේලියේ සොබනිමද?
ReplyDeleteඔව් ඔව්. මේ මං තමා :)
ReplyDeleteනියම මහත්තයෙක්!
ReplyDeleteමරු සොබනී
ReplyDelete