පාළු රෑක ඇගේ කාමරේ අසලින් යනවිට සිහින් ගෙරවිල්ලක් ඇසෙනවා සේ දැනෙන්නේත්, උඩුරැවුලක් සහිත වැඩිහිටි පිරිමියෙක් දකිනවිට යන්තමින් මතකයේ රැඳී ඇති ඔහුගේ රුව මැවෙන්නේත් තවමත් ඔවුන් අහිමි බව පිළිගැනීමට සිත අකමැති නිසා විය හැක.
තනිව නැගීසිටීමට තරම් දෙපා යන්තමින් සවිමත් නමුත්, තව කලක් ඔවුන් අප සමග සිටියානම් එය මහමෙරක් තරම් යැයි සිතෙන වාර ගනනේ නිමක් නැත. ලෙඩක් දුකක් නිසා හැමෝගේම මුවින් පිටවන එකම වචනයත් පිට නොකර හිතේ තබාගෙන සිටින්නේ පිට වුනත් එය අසන්නට කෙනෙක් නොමැති නිසාවෙනි.
සිටින විටට වඩා නොමැති විට සිය දහස් වරක් අගේ දැනෙන ඔවුන් අවාසනාවකට මෙන් අද අප අසල නැත. ඒ අඩුව පිරවීම කිසිවෙක් කිසිදා සමත් නොවනු ඇත.
ලියා එව්වේ - නිෂාන්
ඉන්නමක් අගේ නෑ ඒත් නැතිවුනාම ඇතිවෙන හිදැස පිරවීමට කවුරුන් සමත් වෙත්ද?
ReplyDeleteහරවත් විමසුමක්.
ඔවුන් ගැන කියන්නට මට වදන් නැත.
ReplyDeleteහිතේ පතුලටම වැදුණා මේක.
ReplyDeletebrings tears..
ReplyDeleteකාලෙකට පස්සෙ ගොඩක් දැණුන සටහනක්... නියමයි මචෝ...!
ReplyDeleteමෙච්චර දුක හිතෙන විදිහට ලිව්වේ කොහොමද කියලා මට නං තේරෙන්නේ නැහැ මිතුරේ.............
ReplyDeleteහිතේ හැටියට සලකගන්න බැරිව දැනටත් දුක් වෙන හිත අනාගතයේ ...... ?
ReplyDeleteමේක ලියපු කෙනා..; මෙච්චර හොඳ සටහනක ඇයි ඇත්ත නමින් ඉදිරිපත් නොවී නිෂාන් ලෙස පෙනී සිටියේ...??
ReplyDeleteඅපිද එසේම ඒ අඩුව ඉතිරිකර තබා යන්නෙමු.. ඉන්පසු ඔවුන්ද අපසේ සිතනු ඇත්දැයි මම සිතා බලමි..
ReplyDelete