Saturday, April 30, 2011

දෙවියෝ

පෘථිවි කක්ෂයේ අරය කෙමෙන් පුංචි වෙන්න අරන් තිබුණ. ඉර වටේ යන හැම මිලිමීටරයක් ගානෙම පෘථිවිය ඉරට කිට්ටු කලා...

එහෙම වෙන්නෙ කොහොමද කියල හොයනවට වඩා ඉතිරි වෙලා තිබුණ කාලය ගැන හොයන්න ලෝකෙම සුපිරි පරිගණක ගිණියම් වුණා.

හරියටම අවුරුදු 27කින් පෘථිවිය සිකුරුගේ මධ්‍ය කක්ෂයේ සමපාත වෙනවා...

ඊට පස්සෙ තියෙන්නෙ වටේටම පිළිස්සීමක්...

අවුරුදු දහස් ගාණක් ඔවුන් නිහඬව අපිව නිරීක්ෂණය කලේ හ‍ඳේ ඉඳන්...

ඒ කතාව හඳ අතුරුදහන් කරන්න කලින් ඔවුන් කෙටියෙන් අපට දැන්නුව...

අපි පරිණාමය වුණ හැටි, ආදරය කරපු හැටි, මරාගත්තු හැටි... සේරම ඔවුන් දන්නවා...

ඔවුන් හඳ අතුරුදහන් කරල දවස් ගානක් ගියාමයි අපට ඒකෙ අනතුර තේරුණේ...

අවසානෙ ඔවුන් හිතලා තවත් අපෙන් වැඩක් නෑ කියල...



-
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

5 comments:

  1. Scific කතාවක් වගේ දැනුනා.

    ReplyDelete
  2. අර දෙදාස් එකේ වගේ සීන් එකක්ද? නියමයි. දැන් එතකොට මේ දෙවියොද නැත්නම් වෙන මොක්කු හරිද? මොකෙක් වුනත් අපි දිහා බලන් ඉන්න එකනම් කුජීතයි...

    ReplyDelete
  3. මිනිස් වර්ගයාද නිර්මාණය කලෝ ද ඔවුහුය.

    එහෙත් සියලුම දේ තමන් විසින්ම නිශ්චය කරනවාට වඩා ඔවුන්ගේ අභිලාෂය වූයේ මිනිසාට තමන්ගේම වූ බුද්ධියක් අනන්‍යතාවයක් ගොඩ නඟා ගැනීමට අවස්ථාව ලබාදීමටය.

    මිනිස්සු ඒ පරීක්ෂණයෙන් නැවත අවස්ථාවක් ලබා දිය නොහැකි මට්ටමින් අසමත් වූහ.

    අවසන අසමත්වූ පර්යේෂණ ප්‍රතිඵල වලට අත්වන ඒකායන ඉරණම මිනිස් වර්ගයාටද අත්විය.

    ඔවුහු අනුකම්පා විරහිතව විනාශ කරනු ලැබූහ.

    ReplyDelete
  4. කතාව රසවිඳි සැමට ඉස්තූතිය!
    ඇඩ් එකක් දමමි.
    කතාව දෙපැත්තෙන් අල්ලා දෙපසට ඇද්ද විට සෑදුණු රබර් කතාව මෙහි ඇත.

    http://living.hartstuff.com/2011/04/blog-post_30.html

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...