වැඩ කරන දවසක හවස හතර පහ කියන්නේ ටවුන් හෝල් හෝල්ට් එක අම්බානකට බිසී වෙන වෙලාවක්.
138 බස් පෝලිම අස්සේ 155 වගේම 175, 140 බසුත් එනකම් සාරි, කොට සාය, ටයිට් ජීන්ස්, යුනිෆෝම්, ඩෙනිම් ඇඳපු හැම ජාතියෙම අය හෝල්ට් එකේ කොක්කු වගේ බෙලි දික්කරගෙන.
අද අඩියෙන් අඩියට කවදාවත් නැතුව පොලීසිය..
එක පාරටම හෝල්ට් එකේ බස් නැතිඋනා.. පාරේ ගිය වාහන නැතිඋනා.. ඉරිදාවල් වලටවත් මෙහෙම වෙන්නේ නෑ.. කොටින්ම පාරේ පයින් යන අයත් නැති තරම්. මුළු පාරම හිස්උනා..
කට්ටට පායන ඉරත් වළාකුළු අස්සේ හැංඟුනා..
සුරූන්... stf බයික් එකේ ඩබලක් ඉඟිලුනා..
තව එකක්..
ඩිෆෙන්ඩර් එකක්..
කළු කාර් තුනක්...
ඩිෆෙන්ඩර්....
බයික්..
කවුද ඒ?
මහ රජතුමානේ..
අපේ රජතුමා?
ලියා එව්වේ - Malee_msg (http://abnormalminds.blogspot.com/)
පට්ටය හලෝ.
ReplyDeleteසිරා ටෝක...! පට්ටයි..!
ReplyDeleteනියමයි කතාව
ReplyDeleteමම ඔය කේස් එකට අනන්තවත් මූන දීලා ඇති.. හැබැයි කොළඹදී නෙවෙයි..
ReplyDeleteප.ලි - මහරජතුමා නම් කමක් නැ කියමුකෝ.. රජ පැටවුන්ටත් ඔහොම නේ...
අපි මේ ගංගොඩේ ඉඳන් ඔව්ව දන්නෙ නෑනේ.... ඔය කියන්නෙ ලොක්ක යද්දි එකෙක්වත් පේන්න එන්නෙ නැත්තෙ පලාතම ගඳගහන හින්දද?
ReplyDeleteඅදහසනම් එල
ReplyDeleteඔය රජ මැතිවරු හැමෝම කරන්නේ අපෙන් කාලා අපිවම කන එකනේ.
පට්ට එ වගෙම ඇත්ත
ReplyDeleteමේක ශ්රී දූපතනේ.. :D
ReplyDelete[ඒකේ ඔහොම ඒවා අනන්තවත් වෙනවා]