ජීවිත ප්‍රස්ථාරයේ උච්ඡාවචනයන් නැතිව ගෙවුණ ජීවිතේට අලුත් අවුරුද්ද උච්ඡයක්, මුදුනක් එකතු කලා... ඒ වෙනුවෙන් රසකැවිලි, ඩෝං සද්ද, වෙලාවට වැඩකරපු එකම එක දවසක් එක්ක සුභපැතීමත් උපරිමයෙන්ම සිද්ධ වුණා.
හමීඩ් පවුලෙ පුංචි ළමයි අවුරුදු අවුරුදු කිය කිය රතිඤ්ඤ පත්තු කරද්දි ඇන්ටන් පවුල නැකතට ලිපගිනි මෙලෙව්වා...
සේරම භේද අතෑරලා රටේ ජාතික උත්සවයක් වෙනුවෙන් මිනිස්සු එකතු වුණා.
තරහ අරන් බේදභින්න වෙලා නොයෙක් පැතිවල හිටපු ඥාතියො එක වහලක් යට කිරිබත් කටක් කෑවා...
ඒත්...
ඒ එකම එක දවසකටද?
හැමදාටමද?
ආයෙ ආයෙමත් අවුරුදු ගාණක් කියෙව්වත් තවමත් අපි අවුරුද්ද වෙනුවෙන් එකම පැතුමක් පතන්නෙ අපේ වරදක් නිසාද? අපේ පැතුම ඉටු නොවෙන නිසාද?
අවුරුද්දෙන් පස්සෙ අපි කවුරුවත් අවුරුද්ද ගැන හිතනවද?
ලියා එව්වේ - Hare :-) (http://living.hartstuff.com/)
බොහෝම හරවත් විමසුමක්, අපි පතමු ඒ පැතුමන් සඵල වෙන අවුරුද්දක් වේවා කියලා.
ReplyDelete(ප.ලි: පැලැස්තරයේ රතිඥ්ඥා වචනය නිවැරැදි කරන්න පුලුවන් නම් රතිඤ්ඤා හැටියට)
අවුරුද්දෙන් පස්සේ මං නම් හිතනවා.. වියදම් වෙච්චි සල්ලි ගැන.. ඒ වුනාට දුකක් නෑ,.! මොකද ඒවත් කෙරෙන්න එපැයෑ..! මොන කෙන්ගෙඩියකටද නැත්තං හම්බ කරන්නේ?!
ReplyDeleteසරලම උත්තරය නෑ කියන එක තමා. මම නම් ඔය අවුරුද්දට විතරක් රෙදි ගන්න එක හොඳට කන එක විකාරයි. ඒත් ඉතින් නිවාඩුවක් ඇවිල්ලා ගෙවල් පැත්තේ ගිහින් පරණ යාළුවෝ සෙට් වෙලා ඔය වගේ ඇඩිෂනල් දේවල් ටිකක් නිසා අවුරුද්ද සිරා... මාකටිං අවුරුද්ද නම් ගොන් පාට්.. ඒත් ඉතින් ඉඳලා හිටලා හරි කුණු ලෝබයොන්ගෙත් පර්ස් එකට තට්ටු වෙන්න තියෙන්නේ ඔය අවුරුද්දනේ...
ReplyDelete