Thursday, April 28, 2011

මටත් අක්කා කෙනෙක්

චෙක් ෂෝර්ට් එකයි ටීෂර්ට් එකයි ගහගෙන පිඹ පිඹ ශේප් එකේ ගෙදරට ඇතුල්වුනා. මලගෙදරක නයිටක් ගහලා දවසකට පස්සේ ඇඩ්මිට් වුනේ. වෙලාව උදේ නමයයි. අම්මියි අප්පච්චියි ඔෆිස් ගිහින්.

වෙනදා හැක්ස් කන්දරාවක් කාලා ගෙදර ගැහෙමින් ආවට අද කාට බයවෙන්නද?

හෙමීට දොර ඇරියා.

"මතකයට මගේ ඔබ ඇ."

"හුටා"

"මෙහෙ එනවා.. කෝ බලන්න.. නෑ තව ලගට එනවා"

"නෑ.. මේ.. මං.. අර..."

"අපෝ තමුසෙ ගාව ගද විතරක්. රස්තියාදුවයි ජරාවයි. චික් මල්ලි"

අක්ක අඩනවා.

"සොරි අක්කෙ ආයෙ නෑ. ප්ලීස්"

අක්කා මගේ කනෙන් ඇල්ලුවා.

"ඌයි."

"ආයෙමත් ජරාව බොනවකෝ කරන දේ බලාගන්න"

*****************************************

"නැගිටපං, අර ඔතපු එක ගහල ඉදපන් උදේ වෙන්න කලින්."

******************************************

"අනේ දෙයියනේ මටත් අක්කා කෙනෙක් හිටියනම්"

ලියා එව්වේ - යසියා (http://yasiwett.blogspot.com/)

11 comments:

  1. හීනෙන් දැක්කෙ කාගෙ අක්කද?

    ReplyDelete
  2. lol, mata nam innawa a wage akka kenek lol

    ReplyDelete
  3. "අනේ දෙයියනේ මටත් අක්කා කෙනෙක් හිටියනම්" : (

    ReplyDelete
  4. ඇත්ටමයි මගෙත් තිබුන එකම ආසාව තමයි මට අක්ක කෙනෙක් හරි නංගි කෙනෙක් හරි හිටියනං කියල . . . . . ඒත් මට ඉන්නෙ බේබදු මල්ලියෙක් විතරයි . . . . .

    ReplyDelete
  5. අඩේ ඔවු බං. මමත් හැමදාම හිතන්නෙ මට සහෝදරියක් හිටියනං කොයිතරං හොඳද කියල. කොහෙද සහෝදරියෝ තියා හිටපු එකම සහොදරයත් නැති වුනානෙ. :(

    ReplyDelete
  6. කාට වුනත් සහෝදරයෙක් හරි සහෝදරියක් හරි ඉන්න ඕන ......... නැති වුනාම තමා ඒකේ අඩුව තේරෙන්නෙ........

    ReplyDelete
  7. නැති දේ ගැන දුක් වෙන එක කොහොමත් අපේ හැටිනේ. අක්කලා ඉන්න එවුන්ට අක්කලා වාත. නැති එවුන්ට සිරා. තව සහෝදරයෙක් ඉන්න උන් හිතන්නේ අනේ තනි එකා වුනානම් කියලා තනි එවුන් හිතන්නේ අනේ තව එකෙක්වත් හිටියානම් කියලා. ඕක ඉතිං හැටි. ඒ හිතෙන හැටි වචන සීයකින් පෙන්නන එක නම් මේකෙ සිරා..

    ReplyDelete
  8. තෑන්කියු.. අනේ මන්දා බන්ස්.. යාලුවොන්ගේ අක්කලට ආදරේ කරන්න ගියාම කැත විදියට හිතනවනේ.. ඒත් අනිත් හැම කෙනාටම වඩා මම හිතන විදියට අක්කලා මල්ලිලාට ආදරෙයි..

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...