Monday, April 18, 2011

මහා කරුණාවෙන්

මේ ඇහුනද...

කෝ මේ මිනිහා කොහාට මකබෑ උනාද???

තමුසේ අද දවල්ට මොනා හරි තම්බන් කනවා.

මට සිල්ගන්න යන්නා පරක්කු වෙන නිසා මොකුත් හැදුවේ නැහැ.

අද සිල් ඇත්තන්ට දානේ මන්ත්‍රීතුමාගේ ගෙදරින්ලු සරුවට තියේවි.

නොදකින් ඒ ගමන අර කරුණාවතී ඇවිත් මල් ගහේ සේරම මල් කඩනවා කොහෙද, පරක්කු වෙන නිසා මන් සද්ද නැතුව ඉන්නේ නැත්නම් ඕකිට මන් කියනවා හොඳවෑයින් දෙකක් කන්දෙකේ ඇඟිලි ගහගන්න. දැන් මන් පූජා කරන්න මල් කොහෙන් කඩා ගනන්ද?

දුප් වල් බැළළි ආව මෙතන ඤාව් ගාගෙන අවලමේ ගිහින් පැටව් හදාගත්තා මදිවට වැදගත් ගමනක් යන්න හදනකොට එනවා මෙතන කකුලේ පැටලෙන්න.

මන් යනවා ඉක්මනින් ගියේ නැත්නම් බිත්තියක් අයිනේ අල්ල ගන්න බැරිවෙනවා සිල් ගන්න.

ලියා එව්වේ - නිෂාන්

10 comments:

  1. හලේ.... සන්දුක්කේ.... :)

    ReplyDelete
  2. he he ,,, niyamai.... oka kiyavanakot mata mathak vunaa mang school yanakalee vechcha deyak... maai yoluvoo tikakuei...poth godaak athe thiyaagena bus ekata nagga seetuth naa harima amaaruven hitagena vayasaka aachchilaa tikak sil aragena vadivelaa innava ... api vatenna yanava samaharavelavata break gahanakota... aragollo janelen eliya balaagena ee madhivata poddak happunaama chak chuk gaanavaa...
    ohomailu godak minissungee seele ...

    ReplyDelete
  3. සමහර ඒ්වා දියාබලනෙකාට ෙම්ක ෙහාදයි. ඒ් තරමට සිල්වත් ඔෙහාම ෙනෙමයි සිල් ඉවරෙවලා අාවට පස්ෙස්.

    ReplyDelete
  4. මාරයි මචෝ මේක කියවනකොට ඇඩෙනවා.

    උපාසකයො ඔක්කොම එකයි නේද? බෞද්ධයො කියන එවුන් කිසි කමකට නෑ. පන්සල් තියෙන්නේ මිනිස්සු මුලා කරන්න නේද?

    අන්න ඒකට ක්‍රිස්තියානිනෙ ආගම බලන්න එපැයි. සර්ව බලධාරී දෙවියන්ගේ බ‍ලේ නේද ‍බලේ?

    මේක ලියපු එක්කෙනා කොච්චර සිල්වත් කෙනෙක් වෙන්න ඕනෙද නේද?

    ReplyDelete
  5. සිල් අම්මලට පිනට බෙදල දෙන බුදුසරණ පත්තරේ ගන්න පොරකන තැන තමා මරු....

    ඒ උනාට හරියට සිල් ගන්න භාවනා කරන උපාසක අම්මලා නැතුව නෙමෙයි...

    ReplyDelete
  6. ඔය වර්ගයේ ඇත්තන්ට වෙලා තියෙන්නෙ සිල් අරගෙන වැඩිකම. නිතර පේන කුකුලගෙ කරමලේ පාට ගාණක් නෑ වගේ එයාලත් සිල් ගන්නව මිස ඒකෙ තේරුම ඔළුවට දාගෙන නෑ... ‍

    හැබැයි මේ කියන්නෙ හැමෝම ගැන නෙවෙයිනේ?

    ReplyDelete
  7. වැදුන එකත් වැදුනා බොක්කටම....... ගොඩක් තැන්වල ඔහොම තමයි.....

    ReplyDelete
  8. සත්භාවයෙන් අගතැම්පත් සිල්වතියක්,,, අනේ සාධු...

    ReplyDelete
  9. සීලවතී වුනත්...........

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...