Wednesday, April 13, 2011

කෝ මේ ෆෝන් එක?

ඉස්සර පුංචි කාලෙ අවුරුදු නිවාඩුව තමයි අවුරුද්දක් ඇතුලත තියෙන හොඳම නිවාඩුව...

ඒක එනකල් අපි ඉන්නෙ ඇඟිලි ගැන ගැන...

තෙල් සුවඳ ගම වටේ පැතිරෙද්දි එක එක කෑම වර්ගයි, නිලා කූරුයි එක්ක ඔට්ටු වෙන එක ලොකුම ආසාව...

තාත්තලගෙ රතිඤ්ඤ පත්තු කෙරිල්ලයි, අහස්කූරුයි, බඹර චක්‍රයි අනිත් එක...

ඊට පස්සෙ නෑ ගෙවල් වල සහෝදර සහෝදරියො එක්ක සෙල්ලම...

ඒ පුංචි නිවාඩු කාලෙ ඇතුලෙ අපි ජීවිත කාල කීපයක් ගෙවනව වගේ...

ඒත් දැන් සේරම වෙනස් වෙලා...

රාජකාරියෙන් මිදිල ලැබෙන කෙටි නිවාඩුවෙත් කරන්න වැඩ ගොඩයි...

වයසත් එක්ක ලැබෙන වගකීම් ගොඩක් එක්ක අපි හැමෝටම අත්වෙන ඉරණම ඒක...

කරන්න දෙයක් නෑ...

කට්ටියටම සුභපතල SMS යවන්න ඕන...

කෝ මේ ෆෝන් එක?


ලියා එව්වේ - මලී (http://abnormalminds.blogspot.com/)

5 comments:

  1. Mamath dan phone eka aran wada patan gannai yanne.

    ReplyDelete
  2. හෙට ම යවනවා අප්පා......... ඒ තරමට වැඩ....... :)

    ReplyDelete
  3. පුංචි ලෝකයේ මිනිසා දුරස්කල යාන්ත්‍රික දිවිපෙවෙත - Connection less wire
    ඒ යාන්ත්‍රික මිනිසා මෙල්ල කර ගිලගත් තාක්ෂණය - Wireless Connection

    මේ දෙකටම අනුගත නොවෙන්න පුද්ගලයා විසි වී වැටෙන්න පුලුවන් නේද?

    ඔබේ රචනය වචන සීයක කැටිකර ප්‍රබල විමසුමක්, සාර්ථක ප්‍රයත්නයක්.

    සුබ අලුත් අවුරුද්දක් වේවා!
    (ටෙක්ස්ට් කරන්න ක්‍රමයක් නැහැ)

    ReplyDelete
  4. මමනං මේ පාර ටෙක්ස්ට් යවන්නෙ මේකෙන්...
    http://www.freesmscraze.com/worldwide/send_free_sms_to_sri_lanka/

    ReplyDelete
  5. දැන් නම් අවුරුද්ද කරදරයක් වෙලා තියෙන්නේ. කාලෙකින් හම්බවුන නැති සිරා මිනිස්සු ටිකක් හම්බවෙන එක නැත්නම් අවුරුද්දෙන් ඇති වැඩක් නෑ. නිකං බොරුවක් වගේ කියලා තේරෙනවා.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...