Monday, April 11, 2011

පස්සෙන් බහින්න

දවසක් මායි නංගියි බස් එකේ යනවා. පුරුද්දට වගේ කතා කරනවට වඩා හිනා වෙනවා. හිනා වෙනවා කිව්වට වඩා හිනා යනවා කිව්වාම තමයි හරි. බස් ගමන් අපි දෙන්නට එහෙමයි හොඳේ.

බස් කොන්දොස්තර බරටම වැඩ. වටේම ඉන්න මිනිස්සුන්ට බනිනවා. හිටපු ගමන් බනත් දෙසනවා.

අපි බහින්න ලංවෙන හෝල්ට් එකත් ආවා. නංගියි මමයි බස් එකේ ඉස්සරහ දොර පැත්තට හෙමින් සේන්දු වුනා. මොකද අපි ඒ දොර කිට්ටුව හිටපු නිසා. බස් එක නවත්තන්න ඔන්න මෙන්න.... එකපාරටම කොන්දා කෑ ගහන්න පටං ගත්තා "ඔය නෝනලාට තෙරෙන්නෙ නැද්ද? පස්සෙන් බහින්න... පස්සෙන් බහින්න"

"ඇයි දෙයියනේ මෙච්චර අගේට කකුල් දෙකක් තියෙද්දි මොකටද පස්සෙන් බහින්නේ" මං ඇඟට නොදැනී එහෙම කියල බස් එකෙන් බැස්සා....

ලියා එව්වේ - තරුනිසළයි (http://tharunisalai.blogspot.com/)

6 comments:

  1. කතාව් හොදය්. ආදර්ශය හොද නැ!

    ReplyDelete
  2. ඇයි තව සමහර කොන්දො කෑ ගහනව පස්සෙන් සල්ලි ගන්න කියලත්!!!

    ReplyDelete
  3. හී.. හී... අපි ඒ ලෙවල් ක්ලාස් යන කාලේ ආවේ ගියේ එකම බස් එකක කොන්දොස්තර හැමදාම කියනවා "පස්සෙන් බහිනවා" කියලා.... අපේ කෙල්ලෝ සෙට් එක එක පාරට කියනවා.. කටුවක් ගහගන්න.. ඇයි අදත් බෙල්ට් එක අමතක උනාද" කියලා.... කොන් අයියට විලි 70යි....

    ReplyDelete
  4. කොන්දොස්තරලට ඕව ගානක් නෑ නෙව, මොනව කීවත් උන්ගෙ කට නම් හදන්න බෑ :(

    ReplyDelete
  5. ඔය කොන්දල ආයෙ කියනවනෙ ඉස්සරහින් නගින්න කියලා...
    ඉස්සරහින් පස්සටයි පස්සෙන් ඉස්සරහටයි යන්න කියලා...

    ReplyDelete
  6. පොල්ල අල්ලගෙන ඉස්සරහට යන්න

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...