Sunday, April 10, 2011

යන ගමන් දොර වහගෙන යන්න...

තමුසෙ කොහොමද ඕයි මට ආදරේ කරන්නේ.. 
ඇය සිය තිසරපට සකස්කරමින් සිටියාය. එලිවීමට තව පැයක් හෝ දෙකක් ඇත.
තමුසේ මහ පුදුම ගෑනියෙක්නෙ.. තමුසෙ මට ආදරේ කරන එකට මම තමුසෙට ඇතිවෙන්න ගෙවනවා. සල්ලි අතට හම්බවුන ගමන් ඒ ආදරේ තමුසෙගෙන් අතුගෑවිලා යන්න ඕනි. තමුසෙලාගේ ආදරේ තියෙන්න පුළුවන් පැය ගාණකට විතරයි..
එහෙනම් ඇයි දෙයියනේ එක දිගටම මාසයක් සතිය ගානේ මම ලඟට ආවේ.. 
ඇය සිය හැට්ටයේ මාරුවී දමා තිබුන බොත්තම් නැවත ගලවා නිවැරදි ලෙස කාසවලට දමමින් සිටියාය..
තමුසෙ ලස්සනයි. එකම හේතුව එච්චරයි. මම හිතුවේ නෑ තමුසෙ මෙහෙම මගුලක් නටන්න ගනී කියලා.. 
ඇය හිස් බැල්මකින් ජනේලයෙන් එලිය බලාගෙන සිටියාය..
මම යනවා... 
යන ගමන් දොර වහගෙන යන්න...
ලියා එව්වේ - ආගන්තුකයා (http://ambarox.blogspot.com)

5 comments:

  1. මම එලියට පැමිණියේ දැණෙන සද්දයකින් දොර වසාගෙනය. පාර දෙස බැපෙන අතරම නිතැතින්ම සිදුවෙන පරිදි කමිස සාක්කුව අතගෑවිණි.

    ඇති යන්තම් එකක් තියෙනවා...

    වම් කලිසම් සාක්කුවෙන් ලයිටරය ගෙන එය දල්වා ගතිමි.

    වේගවත් උගුරු කීපයක්... හිස් බව පරයා නැවත ප්‍රාණවත් බවක්...

    මම සෙමෙන් නැවත හැරී බැලීමි.... නැත... ආයෙත් ඕනෑ නැත...

    මම පදික වේදිකාව දිගේ සෙමෙන් ඉදිරියට ඇදෙන්නට වීම්...

    ReplyDelete
  2. The difference between LOVE and LUST.....

    ReplyDelete
  3. දිගට කමෙන්ට් කරන්න වචන හිතට ආවේ නැති උනාට කතාව නම් සිරා මචං!!

    ReplyDelete
  4. කතාව නම් මරු ඇඹා...!

    ReplyDelete
  5. වචන නැත... මොහොතක් ගොලු වීමි....
    පෝස්ට් එක ... උපරිමය !

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...