Friday, April 1, 2011

බැණුම..!

උඹ ඇඟේ මස් පිම්බුවා කියලා මම බය වේවි කියලා හිතුවද ඈ..?
යකෝ මම ජාලේ අටවලා අහකලා බලනකොටත් උඹ ඒකේ පැටලිලා.., මම පවු කියලා බේරලා ඇරියට වෙන එකෙක් නම් මට ප්‍රසිද්ධ වෙන්න තිබ්බ චාන්ස් එක කියලා බලන්නේ නැතුව උඹව විනාස කොරනවා සත්තයි.., ඒත් මම ඉවසුවා.
අර කෙල්ල ලූතරයට ලවු කරත්දී මම උඹට කීපාරක් නම් කිව්වද වෙන අතක් බලාගන්න කියලා.., කොහෙද උඹ උන් දෙන්නම බිඳවලා කෙල්ලව උඹට සෙට් කොරා ගත්තා.., අසමජ්ජාතියා..,
මට හිතෙන්නේ උඹ මේ ලෝකෙට එවලා තියෙන්නේ හොඳ කරන්න කියලා කිව්වට උඹ මිනිස්සුන්ට කරලා තියෙන බලු වැඩ දන්නවා නම් උඹව එලවන්නේ ගල් ගහලා..!!

ඕන්න ඔහොමලු දවසක් ස්පයිඩර් මෑන් සුපර්මෑන්ට බැන්නයි කියන්නේ.!!

ලියා එව්වේ - ලිෂාන් පුවක්ඕවිට (http://lishwish.blogspot.com)

6 comments:

  1. ඊට පස්සෙ ලැජ්ජාවටලු සුපර්මෑන් උඩකලිසමට උඩින් යටකලිසම අදින්න ගත්තෙ ! :D

    ReplyDelete
  2. අනේ සීයේ තව රස කතාවක් කියන්නකෝ :ඩී

    ReplyDelete
  3. හෙහ්...හෙහ්...හෙහ්...

    ReplyDelete
  4. දෙපාරක්ම කියෙව්වා :D

    ReplyDelete
  5. සුපර් මෑන්/ස්පයිඩර් මෑන්
    =(සුපර්/ස්පයිඩර්)x මෑන්

    ඒ නිසා දෙන්නාම කරන්නේ 1/2 වැඩ, නැතිනම් මෑන් කරන්නේ දෙන්නගේම වැඩ වලින් භාගයක් ගානේ

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...