මල්ලී ඇයි මොනාවා හරි හොයනවාද?
ආරොහ පරිණාම පෙනුමකින් යුත් ඔහු මාගෙන් ඇසීය.
"ඔව් අයියේ මම මේ මගෙ සෙරප්පුව හොයන ගමන්" මම පිළිතුරු දුන්නෙමි.
මල්ලිට ෂුවර්ද ඔත්නම ද තිබ්බෙ කියලා? උඩු මළුව පැත්තෙ බලමු,
සමහරවිට කෙනෙකුට මාරු වෙලා තියෙන්නත් පුලුවන් නේ?
දෙදනාම එක්ව පන්සල් භූමියම පිරික්සුවෙමු.
"ඔන්න ඔහෙ තියෙන එකක් ගනින්", කොහොමහරි යන්ටත් එපෑයැ.
නමුදු පන්සිල් සමාදන් වූ මා තරයෙ එකඟ නොවූයෙමි.
නිරුවත් දෙපයින් ගල් කැට ඇනන විට දෙපය දෙස යන්තමට බැලුවෙමි.
ඔහු කොර ගසමින් ඇවිදිනු දුටු මා තුළ කුකුසක් හට ගති.
අයියාට කකුලෙ අසනීපයක්ද?
"ආ මල්ලි මගෙ කකුල නැතිවුනෙ දැන් අවුරුදු 2කට කලින් බොම්බෙකට අහුවෙලා හමුදාවෙ ඉඳිද්දී"
ඔහු මට පැවසීය.
ලියා එව්වේ - මුදිත හර්ෂන දසනායක (http://www.sarawatiya.blogspt.com)
කවුරුවත් කමෙන්ට් කරලා නැති උනාට මේ ටිකේ සීයේ පළවුනු කතාවලින් මේ කතාවට මම බොහොම කැමතියි...!!
ReplyDeleteඅන්තිම මොහොතේ තමයි වැදගත්ම ටික කියවිලා තියෙන්නේ.. ඒ විදියට කතාව පෙළගස්වලා තියන විදියත් මරු!!!
බොහෝම හරවත්ව පෙලගස්සපු වචන සීය.
ReplyDeleteකෙනෙක් අහිමි දේවල් ගැන ලතවෙද්දී හිමි වූ අහිමිකම දරාගෙන නොන්ඩි ගසාගෙන හරි ඉදිරියට යන අය මොනතරම් ඉන්නවද?
අදහස් වලට ස්තූතී..
ReplyDelete