Thursday, April 7, 2011

අහෝ ෆෝබියා 5 - සෙක්ස්

දෙයියන්ට ස්තූතිවන්නට සෞඛ්‍ය ගුරුවර ගුරුවරියන් අට වසරේදී ප්‍රජනන පාඩම උගන්වන්නේ නැත. අම්මොහ් පුතු වල් නොවී බේරුනේ ඒ ගුරුවරුන්ට පිං වන්ටය. නැතිනම් පුතු ඕවා වැඩි දුරටත් හොයන්න යනු ඇත. දැනටමත් ඕවා උගේනගෙනදැයි සැක නැත්තේ නොවේ. දොලහ වසරේ සිටියාට මූ දැන් ඕනෑවට වැඩිය.

මාසයක දෙකක සිට මූ ගෙදරට ගෙන එන විදුසර පත්තරය වෙනදාට වඩා මහතය. වෙනදාට සරසවියෙන් මිලට ගත් එය දැන් මූ ගන්නේ මරදානේ පාලම යටින්ය. මා නොදැනීම මහා විනාශයක් වනවා ඇත.

පිරිමි පමණක් රඟන චිත්‍රපට මූට පෙන්විය යූතුය. අපේ පුතු මේ උගුලෙන් බේරා ගත යුතුය. බොරැල්ල, කොල්ලුපිටිය, වත්තල, මොරටුව, බම්බලපිටියේ නොයැවිය යුතුය.

ඒත් මූ හනිමූන් එකේදි ගෑණිත් එක්ක කැරම් ගගහා ඉඳීවිද?


-
ලියා එව්වේ - මුචලින්ද (http://muchalindha.blogspot.com/)

13 comments:

  1. බුවහහහ .... මාරයි ඕයි :D

    ReplyDelete
  2. "ෆෝබියා" සීරීස් එකට වැදගත් වුනත්, මටනම් මෙච්චර කල් ලියන් ආව ස්ටයිල් එකේ වෙනසක් පේනවා.. කලින් ඒව වගේ කන හරහා වදින්නෙ නැහැනෙ..

    ReplyDelete
  3. ෆට්ට talks eka... :D

    ReplyDelete
  4. කතාව නං එල . . . ඒත් . . . . කන හරහට වදින පාරෙ සැර අඩුයි වගේ . . .

    ReplyDelete
  5. අහෝ සබ්ජෙක්ට්!

    ReplyDelete
  6. විදුසර පත්තරය වෙනදාට වඩා මහතය :D

    ReplyDelete
  7. "සෞඛ්‍ය ගුරුවර ගුරුවරියන් අට වසරේදී ප්‍රජනන පාඩම උගන්වන්නේ නැත. අම්මොහ් පුතු වල් නොවී බේරුනේ ඒ ගුරුවරුන්ට පිං වන්ටය"

    අනේ මන්දා ඕවා නම්...........:D

    ReplyDelete
  8. කතාවෙ සැර මදිද මන්දා. . . දෙන්නෙක්ගෙන්ම කියවෙලා. මක්කොරන්නද බොලල්ලා.. ෆෝබියා සීරීස් මේකෙන් ඉවරයි!

    ReplyDelete
  9. අපිට නම් අපේ සර් කෙනෙක් ප්‍රජනන පාඩම ලස්සනටම කියලා දුන්නා.. :D අපි තව හොයන්න ගියෙත් නැ ඔය ගැන.. :D

    මරු ටොක්ක.. ඔලුව මසාජ් කරලම දීලා.. :D

    ReplyDelete
  10. අහෝ​!
    ඉවරයිද ?

    ReplyDelete
  11. අපරාදේ ඉවර උනේ ෆෝබියා සීරිස් එක.. :/

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...