Friday, October 29, 2010

මම ඌ සහ ඇය...

මටද ඌටද ඇය සඳලුතලයේ කුමාරිකාවක් විය.

ඌට අවශ්‍ය වූයේ ඇයව දිව්‍යලෝකයට රැගෙන යාමටය.
මට ඇයව පොලවේ තැබීමට උවමනා විය.

සයිවර් කෑම පුරුදු නැති ඇයට සයිවර් කඩයකින් කෑම අරන් දීමට මට උවමනා විය.
නමුත් ඌ ඇයට ගලදාරියෙන් lunch දුන්නේය.

පයින් යන්න නුපුරුදු ඇයට ඌ කාරයක් රැගෙන දෙද්දී මම ඇයත් සමග කිලෝමීටර ගණනාවක් ඇවිද ඇවිද සිටියෙමි.

ඌ ඇයට බණ කියන විට මම ඇයට ආගමක ඇති අවදානම ගැන දේසනා පැවැත්වීමි.

ඌ ඇයව MC රැගෙන යනවිට මම ඇයව ජෝන් ද සිල්වා රඟහලට රැගෙන ගියෙමි.

මමද ඌද ඇයට ආදරය කලෙමු..

අද උන් විවාහ ගිවිස ගනී..
මම කොලයක් ගෙන කුරුටුගාන්නට පටන් ගතිමි..
මම ඌ සහ ඇය....

ලියා එව්වේ - ආගන්තුකයා (http://ambarox.blogspot.com)

17 comments:

  1. නියමයි සහෝදරයා නියමයි!

    ReplyDelete
  2. මේක අසරණකම යටතේ ටැග් කරන්න එපා බං. එතකොට මට හිතා ගන්න බැහැ මේක කාගෙ අසරණකමද කියල. නියමෙට ලියවෙලා තියෙනව. ජය!

    ReplyDelete
  3. මේකයි එහෙනම් උඹේ ආදර කතාව ඈ... එදා මම ත්‍රෙඩ් එකේ කියපු මාතෘතාව නොගැලපෙන්නෙම නෑ නේද?

    නියමයි මචං! සරලයි තියුණුයි! දිගටම මේ වගේ කතා ලියන්න නොලැබේවා කියා පතනවා...

    ReplyDelete
  4. මේකට අසරණ කම කියලා කියන්නේ කවුද..? මේ අසරණකම නෙවී බං. සමහරුන්ගේ අවාසනාව.., නොලබීම..!
    ලිවිල්ලනං සුපිරිම සුපිරි..!

    ReplyDelete
  5. මගෙ අම්මො පට්ට් යකො. උඹ අත්දෙකෙන්ද මෙක ලිව්වෙ. මම හිතුවා මට විතරයි වුනෙ කියලා උඹටත් වුණෙ ඔකද

    ReplyDelete
  6. අඩේ පට්ටම පට්ට....දැන්නේ මේ පෝස්ට් එක දැක්කේ...මැක්සා විත් රොක්ස්‍‍‍....

    ReplyDelete
  7. විවෘත ආර්ථිකේ ප්‍රථිඑල

    ReplyDelete
  8. ජීවිතෙ අපි කැමති දේවල් අපි ලඟ බලන් ඉදිද්දි, අපි ඒව ගනන් ගන්නෙ නැ.. ඒත් අපෙන් ඈත් වෙලා ඈතට යද්දි අපි තනියෙම හූල්ලනව. මෙක වෙන්නැතිබන් ජීවිතෙ.. සැලෙන්න එපා මච්න්.. තව ලියපන්,

    "කෙල්ලන් පාරෙ යන්නාවූ බස් වැනිය..එකක් මිස් උනොත් අනිකෙහි යා හැකිය."

    ReplyDelete
  9. මහපොළවේ පය ගහල ජිවත් වෙන්න හදන අපි කැමති අපි වගේම අනිත් අයත් ඒ විදිහට ජිවත් වෙනවා දකින්නයි... ජිවත් වෙනවා කියල දැනෙන්නේ එතකොට
    එත් සදළුතලේ කුමරිකවක් නිසා බොරලු වලට පය රිද්දාගන්න ලෝබ වෙන්න ඇති සහෝ
    සදළුතලෙන් බැස ආවත් ටික දිනක් රැදි ඉද යන්නට යාවී
    කුමාරිකවන් එහෙම්මයී
    එත් මහපොලවේ පය ගහල ජිවිතේ ඇස් දෙකෙන් දකින්න උත්සහා කරන එවුන් අපි අතර ඉන්නවා....
    සැබෑ කුමාරිකාවන් උන් වන්නට පුලුවන්
    (කුමාරිකවට දොස් පැවරීමක් නොව යතාර්තය දැකීමකි )

    ReplyDelete
  10. අපූරුවට ලියල තියෙනවා, සහෝදරයා

    ReplyDelete
  11. මම නම් හිතන්නේ ලංකාවේ හැටියට මෙහෙම වෙන එකත් වරදක් නෑ... කාටවත් දොස් කියලා වැඩක් නෑ...

    ReplyDelete
  12. දොස් කියලා වැඩක් නෑ බං.. වෙන අතක් බලා ගන්න එක තමා අපේ රටෙයි තත්වෙයි හැටියට කරන්න තියෙන හොදම දේ..!

    ReplyDelete
  13. දැනෙන්න තියන ගැඹුරුම තැනට වදින්න ලියල තියනවා සහෝ..කඳුලු එන්නම වදිනවා..

    ReplyDelete
  14. හප්පා..
    නියමයි මචන්.

    ReplyDelete
  15. මේක උඹේ වැරැද්ද බං... ඒ ඒ තැනට ඒ ඒ විදියෙ ඇණ ගහන්න ඕනෙ කියල උඹ දන්නෙ නැද්ද... මේ දවස්වල ආදරෙත් සිල්ලර කඩේ තඹේට යනකොට මේවත් අහන්න දෙයක්ද... උන් සතුටින් ඉඳීවි.. උඹ ඒක හිතලවත් සතුටු වෙයන්..

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...