මුලු ලෝකයම මා වටා හිටියත් මම තනිවෙලා...
හැම කෙනෙක්ම ජිවත් වුනේ තම තමන් විසින් නිර්මාණය කරගත් තමන්ගේ ලෝකයන් තුල..
මට මං වගේ ජිවිතයක් හදගන්න ගත් තිරණයට උන්ට වැරැද්දක්ලු…
එසේ වු උන් මගේ ලෝකය වෙනස් කරන්නට සැරසෙනවා…..
අවී අමොරා මා මරන්නට හදනවා...
ප්‍රේමයෙන් මාව මුදවන්න හදනවා....
හිතේ සතුට නැති ජිවිතයක පලය මුදල් නොවන වඟ හිතන්නට එකෙක්ටවත් උවමනවක් නැති තරම් උන් අන්ධ වෙලා………..
මහප්ප්‍රාණ අකුරු එකතු කරලා ගොතපු වාක්‍ය වලින් මුන් මාව වටලන්න හදනවා මුන් නිරුවතින් ඉදගෙන අනුන්ගේ නිරුවතට හිනා වෙනවා....
දානයක් මානයක් නොදුන්නු
බණ පදයක් නොඇසු උන්
“බ්‍රහ්ම ලෝකේ” ගිහින් උපදින්න හීන මවනවා....
මට පිස්සු නෑ දෙයියනේ උඹලට එහෙම මාව පේනවද........?
ලියා එව්වේ - අහිංසකී (http://ahinsaki.blogspot.com/)
නියම වචන 100ක්! අපි හැමෝටම අඩු වැඩි වශයෙන් ඔය තත්ත්වයට මූණ දෙන්න වෙනවා... ඕක වෙන්නෙ මිනිස්සු වර්ධනය වෙද්දි මුල අමතක වෙන නිසා... ලවි කරල හොරෙන් පැනල ගිහින් කසාද බැඳපු දෙමව්පියො තමන්ගෙ දරුවන්ගෙ ප්‍රේම සම්බන්ධවලදි මැද්දට පනිනවා. තරුණ කාලෙ නිදහසේ ජීවත් වුණ වැඩිහිටියෝ තරුණ පරපුර නිදහසේ ඉන්න එකට උදැල්ල දානවා. පරම්පරා දෙකක් තුල නිදහස කියන එකේ අරුත වෙනස් වෙලා තියෙන එක ඒ අය තේරුම්ගන්නෙ නෑ. කාටවත් කරදරයක් නොවී නිදහසේ ඉන්න මනුස්සයෙක්ගෙ ජීවිතේ වෙනස් කරන්නෙ මොනව හිතාගෙනද මන්දා...
ReplyDeleteමෙහෙම කිව්වට මේ දේ මිනිහෙක්ගෙන් වෙන්න එයා වැඩිහිටියෙක් වෙන්න ඕනම නෑ...
බුවී, උඹේ රයිටින් මරු සහෝදරී! පරම්පරා පරතරයේ විරසකය එහෙමත් නැත්තං පලාත් පරතරයේ විරසකය. ගමේ එකා වල බහින විදිහට නෙමෙයි නගරේ එකා වල බහින්නේ. එක්කෝ නගරේ එකා ගමට ගියහම අමු කුපාඩියා වෙනවා. නැත්තං නගරේ එකා කොළඹ ආවොත් ගොඩයා වෙනවා.
ReplyDeleteපරම්පරා විරසකෙත් එහෙමමයි. දෙමව්පියෝ බළාපොරොත්තු වෙනවා තමුන්ගේ දරුවොන්වත් තමුන් ජීවිතේ විඳින්න ගත්තු කාලෙදිම විඳින්න පොළඹවන්න. ඒත් කාලය සහ සන්නිවේදනය දියුණු නිසා දරුවෝ ඉක්මනින් නිදහස් වීම දෙමව්පියෝ දකින්නේ ඒගොලොන්ගේ මදිකමක් හෝ වයසට වැඩි දෙයක් විදිහට.
මම කියපු රෙද්දවල් වැඩක් නෑ. උඹේ කතාව මරු!
ජිවිතේ අපි දකිනවට වඩා හුගාක් සංකීර්ණයී...
ReplyDeleteස්තුතී වේවා...h සහ මුචා.........