ළමා ලපටි හොටු නාවර පෙරා ගෙන කිළුටු වස්ත්ර්යෙන් සැරසී අවුල් වූ හිස කෙසින් යුතුව කබල් ලෑලි බංකු මතත් බිමත් ලැග සිටි දසුන මගේ දෑස් සැණෙකින් නිලංකාර කරන්නට සමත් විය.
මගේ අත්බෑගයත් කුඩයත් සුළඟේ පාවී ගොස් පාසැල් මිදුලේ පතිත විය.
මගේ දෑත් වෙව්ලන්නට ගත්තේය. දෙදණ අප්රාදණික විය.
මම කුමක් මේ දරුවන්ට උගන්වන්පනේ දැයි අහස දෙස බලා කකියන හදවතින් විලාප නගමින් කෑකොස්සන් ගසන්නට වීමි.
“ආයුබෝවන් ටීචර්!”පුංචි දරුවෙක් මල් කිනිත්තක් වෙලා...
ලියා එව්වේ - ලලින්ද්‍ර පෙරේරා
අනුරාධපුරේ සෙන්ට්‍රල් එකේ අතිරික්ත ගණිත ගුරුවරු හත් දෙනෙක් හිටියත් ඊට කිලෝමීටර හතලිහක් දුරින් තියෙන තන්තිරිමලේ ඉස්කෝලෙ ගණිතය උගන්නන්නේ ග්‍රාමාරක්ෂක භටයෙක්.. එච්චරයි.. මරු වචන සීයක් ලලින්ද්‍ර...
ReplyDeleteනියමයි. සංවේදීයි... ආගා කිව්ව වගේ ටවුන් වල ළමයි 10කට ගුරුවරය ගානෙ විතර ගුරුවරු ඉන්නව. ගම් වලට යද්දි සිංහල ගුරුවරයම දන්න විධියට අනිත් විෂයන් උගන්වනව.
ReplyDeleteඅපට ඉලෙක්ෂන් ඩියුටි වැටුණම හමුවෙන ගුරු මහත්වරු එක්ක සෙට් වුණාම ඔය වගේ කතා තමයි ඇහෙන්නේ...
නියමයි..!!
ReplyDeleteලෝකෙට නොපෙනුනත් මේ වගේ දුක් විදින දරුවො ගොඩක් ගම් වල ඉන්නවා... සංවේදී වචන එකතුවක්........
ReplyDeleteහිතට වදිනවා නියමෙට,
ReplyDeleteපුංචි දරුවෙක් මල් කිනිත්තක් වෙලා... කියන යෙදුම නියමයි. මාර ලස්සනයි.
හිතේ මැවිලා පේනවා, පුංචි දරුවෙක් හිනාවේගෙන කතාතරන හැටි.
ලලින්ද්‍ර මෙන්න මගෙන් උඹට මල් කිනිත්තක්..
ReplyDeleteහිත ලඟින්ම වැදුනා...
ReplyDeleteමං දැන් සෑහෙන කාලෙක ඉඳන් හිතාන ඉන්නේ මේ වගේ පුංචි ඉස්කොලෙක දරුවංගෙ ඇස්පාදන්න මටත් පුළුවං උනානං කියල...
ඒත් ඉතිං ඊට කලියෙං මගේ ඇස් පාදගන්න එපායැ...