"හරිම ලස්සනයි..."
දිලිසෙන රන් දියමන්ති මුදුව දෙස බලා උන් මට අතීතය සිහිපත් විය.
"බලාගෙන තුෂාරි ඕකාට හැමතැනම කෙල්ලෝ"
ඒ හැමදාමත් මගේ යෙහෙලියන්ගේ විරෝධතා, අවවාදයන් වැලක ආරම්භක පියවර.
ඇත්ත, නාලක සෙල්ලක්කාරයි. ඒත් මං දැනන් උන්නා නාලක මාව හැමදාමත් සතුටින් තියන බව, මේවා මොකටද අපේ ආදරේට..
"නාලක, මේක හරි නෑ. ඔයා............"
"මොකක්..? කෝ ගලවන්න ඔය මුද්ද"
"අර පර කඩකාරයා අහු වුණොත් මට.... ලැජජ නැතිව දිවුරුවානේ මේ මුද්දෙයි ඇත්ත එකකයි වෙනස කවමදාකවත් හොයන්න බෑ කියලා"
අත්ල උඩ තබා ගත් මුදුව දෙස අවසන් වරටත් බැලූ නාලක එය පුලුවන් තරම් වෙර යොදා ඈතට විසි කරන අතර මුමුණන්නට විය.
මා ඔහු තුළ මගේ තීරණයද දකින්නට විය
ලියා එව්වේ - Ansh Lucky Sri Jay (http://www.mitiyaawatha.blogspot.com/)
මේක මරු! විහිලුයි දුකයි! සතුටුයි උඹේ හැකියාව ගැන!
ReplyDeleteඒකනේ අපි ඔය වගේ ඒවා අරන් දෙන්නෙ නැත්තේ... වැඩිම වුණොත් පොඩි චොකලට් එකක් අරන් ඒකෙනුත් බාගයක් කනවා...
ReplyDeleteනියමයි සබා අක්කි. තව ලස්සන කතා ලියන්න ශක්තිය ලැබෙන්න ලැක්ටොජන් පාරක් හැමදාම හැන්දෑවට දාන්න...
මට නම් හිනාය :D
ReplyDeleteඑල අක්කෝ එල.... ඔයා නම් මාරයි ඇ...
ReplyDelete"මා ඔහු තුළ මගේ තීරණයද දකින්නට විය" ...මේ වාක්‍යයේ තියෙන අර්ථයට මුළු කථාවම යටයි බං..
ReplyDelete