Tuesday, October 12, 2010

දෙයියො තමයි දන්නෙ...

අපි කතා කරන ඒව ඔයා ලියල තියා ගන්නවද?
නෑ.ඇයි?
එහෙනම් කොහොමද ඔහොම මතක තියා ගන්නෙ?
මතක හිටිනව. ඉබේ
මාර ඔලුවක්නෙ..!
හ්ම්
පාඩම් කරන ඒවත් ඔහොම මතක හිටිය නං මෙලහකට මම දොස්තර කෙනෙක්
ඒක ඇත්ත. එහෙනම් ඉස්සෙල්ලම ඔපරේශන් කරයි මාව.
හ්ම්
කොතනද ඉස්සෙල්ලම ඔපරේශන් කරන්නෙ?
හදවත
කපල අයින් කරනවද?
නෑ. කපල මම ඉන්නවද කියල බලනව
ඉන්නවනම්
තිබ්බ විදිහටම මහනව
තව අය හිටියොත් ඒ අයව අයින් කරනවද?
අපෝ නෑ. එක එක්කෙනා අයින් කර කර ඉන්නෙ නෑ මම
මුලු හදවතම ගලවල විසි කරල දානව
එතකොට මම මැරෙයි නෙ
ඉතිං
කමක් නැද්ද?
එතකොට මමත් මැරෙයි
අම්මෝ..! මේකද මේ ආදරේ කියන්නෙ..?
මන්ද.. දෙයියො තමයි දන්නෙ....

ලියා එව්වේ - ධනංජි පෙරේරා

9 comments:

  1. සුපිරි වචන සීයක්..! ලස්සනයි..!

    ReplyDelete
  2. නියමයි! ආදරේ කියන්නෙ මහ ආත්මාර්ථකාමී හැඟීමක් ඔය වගේ දේවල් වලදි. එහෙම ආත්මාර්ථකාමී නොවෙන තරමට ආදරේ පුළුල් වෙනව වුණාට ආත්මාර්ථකාමී නැති ආදරයක් අර පරිප්පු නැති හෝටලේ වගේ...

    ආදරේ මොකක්ද කියල හැබැයි දෙයියො දන්නෙත් නැතුව ඇති...

    ReplyDelete
  3. බොහොම අගෙයි.. කාලෙකට පස්සෙ මම කැමති විදියෙ වචන ටිකක්... ජය!

    ReplyDelete
  4. නියමම වචන සීයක්. ආදරේ රුව සොබාව නියමට ඉස්මතු කරල තියනවා

    ReplyDelete
  5. පට්ටම පට්ට,දිගටම ලියපන්.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...