Thursday, October 7, 2010

ජීවිතය අන්තැනක

ජීවිතේ දියාරු වෙන්න අරන්...

ඒක ඝණ වෙලා තියෙන්නෙ ඇත්තටම හරිම පොඩි වෙලාවයි. අදාල කාරණේ අනුව ජීවිතේ ඝණව දැණන කාලය දිග වෙන්න පුළුවන් වුණාට අන්තිමේ කොහොමත් දියාරු වෙලා නතර වෙනව.

ජීවිතේට ඕන කරන්නෙ අරමුණක්. ඇත්තටම සෑහෙන්න ඉස්සර මට තිබුණෙ ඔයාව මගේ කරගැනීමේ අරමුණ. ඒකෙන් පස්සෙ වෙන මිනිස්සු වගේ සාමයෙන් සතුටෙන් ඉන්නවය කියන එක අමුතු අරමුණක් වුණේ නෑ. ඇත්තටම ඊට පස්සෙ අරමුණක් තිබුණෙම නෑ මට.

අනිත් මිනිස්සුන්ට අරමුණු ගැන හොයන්න වෙලාවක් නෑ. එයාල එයාලගෙ අරමුණ තමන්ගෙ දරුවන්ගෙ මත දාල.

අපිත් දරුවෙක් හැදුවනම්...

දැන් මගේ අරමුණ ආයෙත් බෝතලයක්...

ඔයාගෙ අරමුණ මොකක්ද කියලවත් මට නො‍තේරෙන්න තරම් අපි දුරස් වෙලා...

අපි හිතුවද මෙහෙම වෙයි කියලා?

ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

12 comments:

  1. මගේ අරමුණ හැමදාම බෝතලයක්!!!! :-D

    ReplyDelete
  2. ඇයි ඔයාලගෙ අරමුණ කිරි නැතිව හඬන දුප්පත් අම්මෙකුගෙ අසරණ දරුවෙක් වෙනුවෙන් කිරි බෝතලයක් විදිහට වෙනස් වෙන්නෙ නැත්තෙ..ඒකත් ඔයාලගෙ තියෙන කුහක කම නිසා නේද..මම බිව්ව්ම මට...අනික් එවුන් කිරි නැත්නම ලමයි නොවද ඉන්න ඕනි..හරි සරලයි..

    ReplyDelete
  3. ඒ කියන්නෙ බැඳීම් ඇතිවෙච්ච හැටියෙ අරමුණු එහෙම නැත්නම් හඹා ගිය ආශාව නැතිවෙලා යනවයි කියන එකද? යමක් අහිමිව පවතින තාක් තමයි එතකොට අරමුණු, ආශාවන් තියෙන්නෙ.

    මගේ ආශාවනම් පියාපතක් වන් ජීවිතයක්! :-D

    ReplyDelete
  4. දෙන්නෙක්ට එකම අරමුණක් වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් උනත් දෙන්නා හිත ඇතුලෙන් ඒ අරමුණ ‍නිර්මාණය කරගන්නේ ක්‍රම දෙකකට.. මොකෝ අරමුණු පුද්ගලානුබද්දයි.. ඒ නිසා එයාගේ අරමුණු එයා ළග තිබිද්දෙන්.. ඔයාගේ අරමුණු වලට ඔයා යන්න.. දෙන්නට එකට අරමුණු වලට යන්න බැරි ‍උනොත් වෙන වෙනම හරි දෙන්නා තමන්ගේ අරමුණු වලට යයිනේ.. එහෙම වුනාම අන්තිමේ දෙන්නම සතුටින් ඉදියි අරමුණු ඉටු උනානේ කියලා..

    ReplyDelete
  5. මම හිතන්නේ මේක තමයි සත්‍යමදේ...
    හැමෝටම එකම අරමුණක් තියෙන්න බෑ.

    වචන සීයක් අස්සේ මේ වගේ ලොකු කතාවක් තියෙයි කියලා මට හිතුනෙත් නෑ මුලින්....

    ReplyDelete
  6. ම - ඕක වෙනස් කරගත්තොත් හැම පැය 2කදිම බෝතලයක් කියලා... :D ;-)

    @ indi - ඔයාගෙ විසඳුම ඇත්තටම සරලයි තමයි... ඇත්තටම පෙරේත කමේ අරක්කු බොද්දි මට ඔය වගක් දැණුනෙවත් නෑ අම්මප ඇත්තමයි... ෂිට්... මම වගේ කුහකයෙක්... (කිව්වට තරහ වෙන්න එපා... මේක දැකපු මගේ බ්ලොග් යාළුවෙක් ඇහුව ඔබතුමා එහෙම ළමයි කීදෙනෙක්ට කිරි අරන් දීල තියෙනවද කියල අහන්න කියල... මම කිව්ව ඔබතුමාට මට වගේ පවුල් ප්‍රශ්ණයක් නැතිව ඇති කියල)

    ම.ජී. - ඒක තමයි හැම වෙලේම වෙන්නෙ නේද? අපි යමකට ආස වෙන්නෙ ඒ ගැන අපේ තියෙන නොදැනුවත් කමත් එක්ක ඇති වෙන කුතුහලය එක්ක. ඒක හුරු වුණාට පස්සෙ ගාණක් නෑ. අළුත් ෆෝන් එකක් ගත්තු අළුත ඒක සෑහෙන්න පරෙස්සම් කරනව හීරෙන්නවත් නොදී. පස්සෙ ඒක ගැන වගක් නෑ වගේ තමයි...

    මලී - ඔව්... මොනව වුණත් මිනිස්සු දෙන්නෙක් පරිසමාප්තවම එක සමාන නෑ. එක පාරෙ ගියාට දෙන්නට බඩු ගන්න ඕන වෙන කඩවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙලාවට අනිත් මනුස්සයගෙ බඩු ටික පොජ්ජක් උස්සගෙන ඉඳල හෙල්ප් එකක් දුන්න නම් රැවුලයි කැඳයි දෙකම ගොඩ.

    ඉ.මො.දි.උ.පො.පා. - හැමෝටම එකම අරමුණක් තියෙන්න ඕන නෑ... :D රාවණාට කෘතඥ වෙයන් මේ 100 අදහස දුන්නට...

    හැමෝටම - මේකෙ තේරුම් නොගිය (හෝ තේරුම් නොගන්න) කොටස ගැන ලියන්න වචන 100 මදි වෙනවා.

    හිතන්න ආදරේ කරල විවාහ වෙලා දරුවො නැති යුවලක් ගැන. එයාල දරුවො හදල නෑ, නැත්තං දරුවො ලබන්න හැකියාවක් නෑ... ඒක යථාර්ථය කියල තේරුම් අරන් දෙන්න හැමදාම ආදරෙන් ඉන්න හිත හදාගන්නව. ඒත් කාලෙකදි මේ දෙන්න අතර තියෙන අරුමයන් ටික දෙන්න අඳුනගත්තම දෙන්නට දෙන්න ටික ටික දුරස් වෙන්න ගන්නව. ඒ කියන්නෙ දෙන්න එකිනෙකා ගැන ඕනවට වඩා දන්න නිසා තව දුරටත් එක්කෙනෙක්ට එක්කෙනෙක් අරමුණක් වෙන්නෙ නැතිව ගිහින්.... නියුට්‍රල් වෙලා. සාමාන්‍යයෙන් ඔය දේ දෙන්නෙක් අතර වෙන එක අනිවාර්යයි. ඒත් දරුවො හිටියනම් ඒක දැණෙන්නෙ නෑ. ඒ කියන්නෙ එයාල දෙමව්පියො වුණොත් තමන්ගෙ දරුවන් හරහා එයාලට අරමුණු ලැබෙනව. සමාජය සහ සංස්කෘතිය පවතින්නෙ ඔය පැවැත්ම මත.

    මෙතනදි මේ දෙන්නට දරුවො නෑ අරමුණ පටවන්න. ඉතිං දෙන්න දුරස් වෙන්න අරන්. අරමුණු ගොනු කරගන්නය කියල ළමා නිවාස වලට කිරිපිටි අරන් දුන්නම ඒකෙ එවුන් ගෙදර අරන් යන එක, පාරෙ ඉන්න වීදි දරුවන්ට පාන් ගෙඩියක් අරන් දුන්නම උන් ඒක පුරුද්දක් කරගන්න එක, වගේ දේවල් නිසා ඒ දේවල් එපා වෙලා ඉද්දි කැපකරු දෙමව්පියන් විධියටත් පෙනී හිටියත් දෙන්න අතර දුරස්ථභාවය ඒ දේවල් වලින් නැති වෙලා නෑ...

    ජීවිතේ දියාරු වෙන්න අරන්...

    මේ කියන බිරිඳ එයාගෙ රස්සාව කරගෙන ගෙදර වැඩත් කරගෙන එයාගෙ අරමුණ මෙගා නාට්‍යයක් බලා තෘප්තිමත් වීම මත තියාගෙන ඉද්දි සැමියා ඊට අන්ත තැනකට වැටිලා.....

    ජීවිතයේ යථාව යනු කටුක ජීවිතයම කියල තේරෙන ඔහු උත්සාහ කරන්නෙ මධුවිතින් ජීවිතය අමතක කරන්න....

    හිතන තරම් සරල නෑ....

    ReplyDelete
  7. මා කවදාවත් අම්මලාට කිරි අරන්දීල නෑ....ඒත් මට හිතල සතුටුවෙන්න පුලුවන් බොහෝ මුදලින් සහ ශ්‍රමයෙන් දායක වුනු අවස්තා තියෙනව,,මේ කියන්නෙ හිඟන්නොන්ට රුපියලක් දීල දිව්යලෝකෙ යන්න ට්‍රයි කරනව වගේ දෙවල් නෙමෙය්...මම මා ගැන පම්පෝරි ගැසීමෙන් ඔබට ඇතිවෙන වැඩක් නැති නිසා..මම උදාහරණ නොදෙමි...ඒත් අපිට කිසිම වාසියක් නොලැබිත් වෙනත් අසරණ කෙනෙකුට සපෝට් එකක් දෙන්න පුලුවන් නම්...ඒ ආතල් එක බෝතලේ ඉවරවෙනකොට ඉවර වෙන්නෙ නෑ ජීවිත කාලෙටම තියෙනව.

    ReplyDelete
  8. ඕකනේ සෑර් නොදන්න ඒව කියනන එපා කියන්නේ. අපිට නම් බෝතලෙන් ගන්න ආතල් ජීවිත කාලෙම තියෙනව. ඒව බෝතලේ එක්ක ඉවර වෙන්නෙ නෑ... කිරි බොන බබාල කාහෙද ඒව දන්නේ?

    ReplyDelete
  9. අනේ ඔය අයියලා වාද නොකර මං බබාගේ ෆෝන් එකට ඊසී රීලෝඩ් එකක් දැම්මා නම් හරිනේ..
    එතකොට කිරිවලට වියදමුත් නෑ අරක්කුත් නෑ... මරු මරු මරු....!

    ReplyDelete
  10. හප්පා.... ඒ පාර රීලෝඩ් දාන්නත් වෙලා.... ඒකත් පොඩි කාලයක් ඉන්න අරමුණක් තමයි. කමක් නෑ... පින්තු සර් කිව්ව වගේ සියල්ල තම තම නැණ පමණින් තමයි :D

    ReplyDelete
  11. පොඩිලමයාOctober 8, 2010 at 9:59 PM

    හයියෝ මේ අයියා නැට්ට අධෝමුඛයේ ඔබාගෙන වගේ.. මේකයි බොස්කා මෙතන වචන සීයේ තියෙන අයිටම් එක කිරිබෝතල් අරන් දෙන සීන් එකක් නෙමෙයි. ඒක එච් ලොක්කා කිව්වා වගේ ජෝඩුවකට කෙලවෙන්න යන සීන් එකක්. බොන එවුන් බොයි. කිරි අරන් දෙන ඉන්ඩිතුමා වගේ කිරිගවයෝ ඉන්නකම් ඉතින් අපිට කිරි ඉතිරෙයි තමයි... හික් හික්. අපිට කිරිබෝතල් වලින් නාලා අරක්කු වලින් අතහෝදන්න පුළුවන්...

    ReplyDelete
  12. මේ කතාව නියමයි හරේ..

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...