"ඔහොම හාන්සි වෙන්න හෙල්ලෙන්නෙපා මහත්තෙයො උඩ බලාගංට...
....සතාසරුපයා ගොම්මනේ ඇදෙනවා රැලට. උන් එක එකා ඉව කරගන්නවා රාත්තිරියට උණුහුමට...පුරුදු පාරෙන් තමයි මංකඩ හරහා එන්නේ. ඔය ආර ගාව දෙතුන්දොහේ තුන්පත් රෑන එහා මෙහා යනවා දැං දැකපු අය කී දෙනෙක් ද? හැබෑවටම අලියා දස්සයා. ඌට තරම් මතකයක් නෑ කිසිම සීපාවෙකුට...දඩයමේ යන එකාගේ ගඳ උන්ට දැනෙනවා. කිසි සංගදියක් නෑ දඩමස් නොකන එකාට...හාරමාසෙකට ඉස්සෙල්ල විලියයියා මළෙත් අලියා ගහල. උන්නැහේ හේන් කොටනවා කියල වෙඩි බැඳං හතරවටේ කංසා වවමින් උන්නා වන්නිය මැද්දෑවේ...ඌරු හපුවෙක් තිබ්බෙ නෑ හතරගං හතේ...ඉතිං පඩිසං දුන්නා ඕං.. මහත්තයා පණ අතෑරල ඉන්න ඩිංගිත්තක් හෑල්ලුවෙන්... ඇඟ බුරුල් කොරගන්ට...මේං කෙලී ගෙනැල්ලා පත්තුව...
අයියනායක දෙයියන්නේ පිහිටයි...තුන්සරණින් මේං... "
ලියා එව්වේ - ලලින්ද්‍ර පෙරේරා
ලස්සන වචන 100ක්
ReplyDeleteමට මැවෙනවා මේ චිත්‍රය... කරුවලේ පහණක් ගත්තු වෙද මහත්තයෙක්ගෙ ගෙදර පිලේ වැතිරුණු පුද්ගලයෙක්...
ReplyDeleteනියමයි.... :D
අර තියෙනවයි කියපු හේන තාම තියෙනවද දන්නෙ නෑ නේද මචෝ? ;-)
නියමයි
ReplyDeleteමරු... වනගත නවකතාවක කොටසක් කියවනවා වගේ දැනුනේ.. නියමයි..!
ReplyDelete