නුඹේ පොඩ් ඇස් යුගල දෙස
ආදරේ පුරව ගෙන හිත තුල
බලා ඉන්නට ඇති මම
පැය ගණන් නුඹ අසල හිඳ
මිණි කිකිනි සිනා හඩ ලඟ
නුඹත් එක්කම සිනා සී මම
රැඳී ඉන්නට ඇති සෙමෙන්
ගෙවා දමමින් දින ගනන් මම
රන් පාට මුදු දෑත් මත
දැවටි දැවටී සිටින මා වෙත
පෑ දයා කරුණා අමා ගඟ
ගලා යයි මා සිත මැදින් තව
තිබුන ඒ දාංගලයට
ආදරෙන් මට තුරුළු නොවුනට
අද වගේ එදත් මට
දැනුන නුඹ මගේ බව
මගේ ඔළුවට පුංචිවත් විවේකයක් නොදී එයා ගැනම හිතන්න කිය කිය.. හිත ඇතුලේ පෙරලි කරන පුංචි සුරංගනාවිය වෙනුවෙන්.
කොයි තරම් මොනවා කියෙව්වත් මට නම් තවත් මදි වගේ.
ලියා එව්වේ - ප්‍රසන්න කරුණාරත්න (http://prasanna86k.wordpress.com/)
ලස්සනයි ලියලා තියෙන විදිය...
ReplyDeleteමේ ලිව්වේ තමන්ගේම දූ ගැනද බිරිඳ ගැනද නැත්තං පෙම්වතිය ගැනද?
ReplyDeleteකොහොම උනත් ලස්සනයි.
ලස්සනයි
ReplyDeleteහරිම ලස්සනයි.ඒ වගේම සංවේදියි.
ReplyDeleteමට නම් හිතෙන්නෙ තමන්ගෙ බිරින්දෑ එක්ක පෙම් කරපු කාලෙ ගැන කරන ආවර්ජනයක් කියලා....
ReplyDeleteලස්සනයි....
ReplyDelete@ H - තාම මම තනිකඩ, ලිව්වේ නම් බිරිඳ වෙන්න ඉන්න කෙනාට තමා.
ReplyDelete@ malee - පෙම්වතිය ගැන තමා...