සුළං කපොල්ලේ හදාපු කැදැල්ල කෑලි වලට කැඩිල ලෝකාන්තෙන් පහලට වැටුණා විතරක් නම් මදැයි.නතර වුනේ කීන දං පඳුරක් ගාව.
කුරුල්ලන්ට කටහඬ දීපු ගී කිරිල්ලියක් සන්දිරන්ගෙ උණුහුම් පියාපත යටට පියාඹගෙන ආව.
පුරුද්දෙන් වාගෙ!
මේඝා...............................!
සන්දිරන් කෑගැහුවා.
මං චන්දෝ මා බිළිඳා පපුවට තුරුළු කරගත්තා.
කිරි බර ,දුක ,දෝරෙ ගලන්න ගත්තා.
ඒ කඳුළු එකතු වෙලා බලංගොඩ බෑවුම යට වුණා.
ගංවතුර
සූර්යන් ආවෙ මාව බේර ගන්න
දාල යන්න බෑ සන්දිරන්!
මමත් මෙහෙමම ගිලිල මැරෙනව
චන්දෝ විතරක් අරන් යන්න.
..........................................................
"දැන් හෙමිහිට නැගිටින්න"
උකුලෙන් පහල හිරිවැටිල තිබුණා.
වැකුම් යන්තරෙ බාගයකටත් වඩා ලෙයින් පිරිලත් තිබුණා.
සන්දිරන් ඇස්වල කඳුළු පුරෝගෙන මගෙ අතින් අල්ල ගත්ත
"අපි ඉක්මනට බඳිමු මේඝා"
ලියා එව්වේ - වීතරාගී (http://wiitharaagii.blogspot.com/)
කතා ගොඩක්... මට නං මඤ්ඤං වගේ...
ReplyDeleteඅසිහියත් පියවි සිහියත් අතර දැක්ක හීනයක් වගේ.කඩ ඉරෙන් පහල හැබෑ ලෝකෙ.ලොවඑළි නොදැක මිය යන "චන්දෝ "ගැනයි කතාව.:)
ReplyDeleteඑළිය නොදැකම මියගියෙමි,
ReplyDeleteවරද මාඅත නොවන බව පමණක් දන්නෙමි,
අගෙයි,වීතරාගී,
බ්ලොග් එකක තිබුනා,
ReplyDeleteගබ්සා වූ සුරඟන කියලා කවි පෙළක්.
එකම සිද්ධිය ස්වභාවිකව වීමයි බලෙන් කරවීමයි අතර සහ ඒ සිද්ධිය ඒ ඒ අයට ඒ ඒ අවස්ථාවේදී දැනෙන විදිහේ වෙනස මේ ලියුමයි ඒ කවි පෙළයි සැසඳීමේදි හොඳින්ම දැනෙනවා.
අපි ඉන්න සීමාව ඇතුලෙ "ගබ්සාව" .
ReplyDeleteඊට එහායින් සාමාන්‍ය ලෝක පැවැත්මෙන් කවදාවත්ම අපගමනය වෙන්නෙ නැති එක සිද්ධියක් විතරයි!
@h,Ravi,RanDil
තුතියි බොහොම.:)
කතාව කියවලාත් කමෙන්ට් එකක් දැම්මේ නැත්තේ හරියටම පැහැදිලි නොවුනු නිසයි.. දැන් නම් හොදටම පැහැදිලියි.. වචන සීයකින් මේ තරම් ලොකු සංවේදී කතාවක්?
ReplyDeleteමරු!!
ස්තුතියි මලී!:)
ReplyDeleteමේක නියමයි නේ
ReplyDeleteස්තුතියි Ansh Lucky Sri Jay !:)
ReplyDelete