කැම්පස් ජීවිතෙන් අන්තිම දවස අදයි...
"All the best හශිනි"ඇයට සමුදීලා ආපහු හැරුනා.
එකපාරටම........
"බිමල්, ඔයා එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද ?"මම ඔලුව වැනුවා
"මට සමාවෙන්න බිමල්, මම ඔයාට නපුරු උනාට..."වෙලාව 8ට කිට්ටුයි.
"නෑ හශිනි, මමයි නපුරු උනේ, ඒනිසා මට සමාවෙන්න"
"යන්න කලින් මට ඔයා දිහා බලන් ඉන්න දෙන්න"මම ළං උනා...
ඇගේ ඇස් මගේ මුහුණ කියවනවා, ඒ ඇස්වල තියෙන්නේ දුකද, ආදරයද, පසුතැවීමද කියලා හිතාගන්නත් කළින්,
"හශිනි අපි යමු"ඒ ඇගේ මිතුරිය...
ඇගේ ඇස් අගින් කඳුලු කඩා වැටුනා.
"බිමල්, මම තවම ආදරෙයි"දැනටමත් තවකෙකුට අයිති මගේ ඇස් අගිනුත් කඳුලු මතු උනා...
"මමත් ආදරෙයි",
ලියා එව්වේ - කුන්ෆු පැන්ඩා (http://tubelyt.blogspot.com/)
අති සුන්දරයි :)
ReplyDeleteහැබැයි හරිම දුකයි :(
පිය විප්පයෝගයටත් එහා ගිය සීන් එකක්.. තවත් කැපකිරීමක් වගේ සීන් එකක්..
ReplyDeleteහ්ම්ම් දුකයි..
ReplyDeleteදුක තමයි රංජනී... ෂික්.. මේ හදවත පාටිෂන් කරන්න තිබුණනම්...
ReplyDeleteමම අද තමයි මුලින්ම මේ පිටුවට ගොඩ වුනේ.. අනේ මංදා.. කවුද මේ ලියන්නේ.. හරිම ලස්සනට ගලපනවනේ.. වචන 100 කියවලා ඉවර වුනාම මට අහන්න ප්‍රශ්න නම් බොහෝමයි.. අමුතු කතාවක්.. ලස්සනයි..!!
ReplyDeleteඅවුරුදු දෙකක් ගෙවෙනකන් නොකීයපු දේ අන්තිම දවසේ කියන්න උන එක ගැන සතුටුයි... ඒ දේ හිතේ හිරකරන් ගියානම් ජීවිත කාලය පුරාවටම දුකක්, පසුතැවිල්ලක්, වරදක් උන බවට හැඟීමක් හිතේ පුරවන් ඉන්නයි වෙන්නේ.
ReplyDeleteවේලිලා ගියපු කතරකට මහ වැස්සක් වැස්සා වගේ හිතට ලොකු නිදහසක් ලැබුනා....
ස්තුතියි කමෙන්ට් වලට.... One | Zero | Zero එකට ජයශ්‍රි !
ReplyDeleteටචින්...!
ReplyDeleteමේක හිතට වැදුනා
ReplyDelete