තරු පායන අහස් කුසේ...
ඈත පෙනෙන වලාකුලට....
මුවාවෙච්ච සද කිරනින්...
නුඹේ මුහුන එහි මවාවි....
වලකුලේ ඇදෙන එරුව....
මගේ කියා මම හිතුවට....
එය එලෙසම සිදුවෙවිද...
කියා කියන්නේ කෙලෙසද?
නුඹත් අරන් කොහේට හෝ...
ඉගිලිලා ගොස් කූඩු වෙන්න...
පැතුමක් තිබුනත් සිත යට...
නුඹ අකමැති වේවි නේද?
ඕන කෙහෙල්මලක් කියා....
ඔබ මට කැමතිද කියාලා...
අහලා දාන්නත් හිතෙනවා..
ඉන්පසු මට මක් වේවිද?
හා කිව්වොත් සිත් අහසේ...
දහස් ගනන් මල් පිපේවි...
කරුමෙටවත් බෑ කිව්වොත්...
දිවියත් මට තිත්ත වේවි..
ආදරෙ පැත්තකින් තියා....
ඇති මිතුදම හොදින් තියන්....
මම ඉන්නවා හැමදාමත්....
නුඹව බලා සිනා සෙමින්....
මගෙ ආදර තාරකාව....
හෙට දින අන්සතු වේවිද?
ඕන කෙහෙල්මලක් කියා....
එහෙනම් මම හෙට අහනවා.....
ලියා එව්වේ - අභීත (http://tikakhinawenna.blogspot.com)
මාද මෙලෙස ලතවූයෙමි
ReplyDeleteසරසවි මිතුරියක් කෙරෙහි
සිතට නැගුනු වද හිංසා
නැති වේදොයි බිය සංකා
ඉවසිය නොහැකිම වූ තැන
ඇසුවා අකමැතිද කියා
ඇගේ ආදරෙ නැත හිමි මට
එය හිමි අන් කෙනෙකු වෙතයි
මිතුරන් ලෙස ඉමු සැමදා
නොම ඉන් එපිටට කිසිදා
මගේ ආදරෙ ඉන් නිම විය
දැන ඇය නොදැකීම ගුණය...
ලස්සනයි
ReplyDeleteනියම ලස්සනයි! පලවෙනි කමෙන්ට් එකටත් එක්කමයි කිව්වේ!
ReplyDeleteමම නම්කවදාවත් නෑ
ReplyDeleteවැඩිකල් ඔය ලෙස ඉඳලා
දෙගිඩියාව ආපු සැණින්
ඇහුවෙමි මම හිටු කියලා
ඒක නිසා පියාඹනා
සමනළුන්ද කුරුල්ලන්ද
මා හට සිටියේ අඩුවයි
ඈ මා වෙත එන්නට පෙර
ඒ වුණාට ආදරයේ
මතක පොතේ පිටු පුරවන
දෙගිඩියාව නම් හැඟීම
අනාතගේ සතුටු කරයි..
දෙගිඩියාවෙ හැඟීම ඔබ
මේ ලෙස කවි මලක් ලෙසින්
ලියලා ඇති හැටි කදිමයි
සුභක් පතමි එක හිතමයි...
හිත හිත හිටියොත් නම් ඉතිං සොරි තමා අහපල්ලා ඉක්මනට, එතකොට කල් තියෙනවා වෙන අතක් බලා ගන්න. හි හී.
ReplyDeleteසිරා කව් ටික... ඔක්කොමලගෙ ඒවා ලස්සනයි.:D
හික් හික් හික් ඔය කවිය ලිව්වෙ අවුරුදු කීයකට කලින්ද අභී අයියා....... :)
ReplyDeleteඅඩේ ෆට්ටයි හොඳේ....... :)
හිතේ හංගන් ඉන්න බැරි තැන
ReplyDeleteකිවුවා විතරයි ආදරේ මම
උනේ සතපහක හැඩයක්
නෑ කියලා මට ආදරේ බිඳුවක්
නොදකින් කියන්නට බැරි කමට
හිනා උනාට උඹ ළඟදි මං
චික් කියල හිතේනවා දැන්
අහුවට කෙහෙල්මල් ආදරේ "නිල්"
නියමයි ලෙසට ලියල කවි ටික cmntz ටිකත් එළට ලියල කට්ටියම
මරු!
ReplyDeleteනියමයි
ReplyDelete@prabath :ahh malli mata meka dakkagaman mathak une oya...datz y i posted in my buzz so you can C it.connect me with email il tell you more bout things in uni
ReplyDeletehmmm... meka nam atta tama nice keep it up...
ReplyDelete