“ඔයා දැන් පොඩි එකෙක් නෙමෙයි....... බොරුවට හුරතල් වෙනවා...”
“එහෙනම් මොන එහෙකටද මට චූටි දුව කියන්නේ”
මමත් පරදින්න කැමති නෑ.. දිගටම වාද කරනවා... මං අනිත් අයත් එක්ක ඕනම දෙයක් බෙදා ගන්නම්... ඒත් ඔය ආදරේ නම් බෙදා ගන්න බෑ...
“නපුරු වෙන්න එපා...එයා තාම පොඩි දරුවෙක්.. එයා ගැන අපි බලන්න ඕන...”
“එතකොට මං ගැන බලන් නැද්ද?
එයා ඔයාගේ මිණිබිරි.. මම දුව... වැඩි අයිතිය මටයි..”
දැන් ඇස් වල කදුළු පිරෙනවා.. හිත හයිය කරන් ඉන්න හැදුවට නිකම්ම කඩා වැටෙනවා... “කවුරුත් මට ආදරේ නෑ....”
මං පුංචි බොනික්කා තුරුල් කර ගත්තා..
ඔයාට අමතක වුනාට මෙයාව මට ඔයා ගෙනත් දුන්නේ
අවුරුදු 20කට කලින් අද වගේ දවසක..
මගේ උපන්දිනේට........
ලියා එව්වේ - වරුණි (http://akikaruhitha.blogspot.com/)
ඔහ් දැනෙන්න ලියලා තියෙනවා..!
ReplyDeleteලසනට ලියල තියනවා..එකියන්නේ අද ඔයගෙ උපන්දිනයද..?
ReplyDeleteඑහෙනම් සුබ උපන්දිනයක් වෙවා..!
නෑ නෑ මගේ උපන්දිනේ අද නෙමෙයි....... ස්තුතියි ඔයාලට
ReplyDeleteමෙ කතාවෙ ඉන්නෙ අම්මල දෙන්නෙකුයි දුවල දෙන්නෙකුයි නේද? මට පරණ කතාවක් මතක් වුණා අපේ ප්‍රේමකීර්කි මහත්තය මහජන සම්පත වැඩසටහනක කියපු...
ReplyDeleteනියම සටහනක් :D
සුපිරි...
ReplyDeleteමක් කරන්නද ඒත්, මට අදිපත්‍යමය දෙමාපිය ආදරය අඩු වුනේ නංගි ආපු දවසෙ ඉඳන් නේ.....
ඒ දැං සෑහෙන කාලෙකට පෙර ඉඳන්..